චිත්‍රපටිය ගැන කිව්වොතින් එහෙම සාවි කියන්නේ මලලක්‍රිඩිකාවක්.. නමුත් තරඟයක වෙන අනතුරක් නිසා ඇයට ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ. මේ නිසාම ඇය කලකිරිමෙන් සියදිවි නසාගන්න යනවා. මේ වෙලාවේ තමයි ඔහුට සත්‍යාව හමුවෙන්නේ.. සත්‍යාත් සාවි වගේම ටිකක් අමුතු කෙනෙක්. කොහොම හරි මේ දෙන්නාම එකතු වෙලා ආදරය කරන්න පටන් ගන්නවා.. කොහොම හරි එක දවසක් සත්‍යා වැඩ කරන තැන අයිතිකාරයා ඔහුට වැඩක් පවරනවා.. ඒ බැග් එකක් එක තැනකට දිලා එතැනින් හම්බවෙන ලක්ෂ පනහා ආපහු අරන් එන්න කියලා. සත්‍යාත් මේ වැඩේ කරන්න පිටත්වෙනවා. එත් හිතුවේවත් නැති විදියට මේ ලක්ෂ පනහා ඔහු අතින් නැති වෙනවා. කොහොමද නැති වෙන්නේ කියලා ෆිල්ම් එක නරඔලාම දැනගන්න එක හොදයි… කොහොම හරි මේක ගැන ඔහු මුලින්ම කියන්නේ සාවිට… දැන් කොහොම හරි විනාඩි පනහක් ඇතුලත ලක්ෂ පනහක් හොයන්න වෙනවා. නැත්නම් සත්‍යාගේ විතරක් නෙමෙයි සාවිගේ ජිවිතෙත් අවසානය තමයි.. ඉතින් මේ සල්ලි හොයාගන්න මොන මොනා කරන්න වේවිද? ඒක බලාගන්න පුලුවන් චිත්‍රපටිය නැරබුවොතින් තමයි.
