ගුරු ටී.එල්. කෙනෙක් විදියට බැංගලෝරයේ ශාඛාවේ ඉදල මාරුවක් අරන් චෙන්නෙයි සමාගමට ආව පළමු දවස. වැඩ බාරගන්න කියල අත්සන් ලේඛනයේ අත්සන් කරල වී.පී. ගේ කාමරේට ගිහින් එයාව හම්බවෙලා කට්ටියට හදුන්වලා දුන්නට පස්සේ, වී.පී.කියනව ” ඩෙල්ටා ව්‍යාපෘතිය ” සම්බන්ධයෙන් ඔයාට වැඩ කරන්න තියෙන්නෙ ජර්මනියෙ යන්නත් සිද්දවෙන කතාවක්. පස්සෙ ගුරූ යනව එච්.ආර්.ව හම්බවෙන්න… අම්මටසිරි බැලින්නම් දවසක් ෆොටෝ එකක් ගහන්න කියල උදව්වක් ඉල්ලල කින්ඩියට ෆොටෝ එකක් ගහල ෆෝන් එකත් වතුරට වට්ටල ආව කෙල්ල තමයි එච්.ආර්. විදියට ඉන්නෙ. දැන් කොහොමද මූණ දෙන්නෙ,ම්.ම්… මොනා කරන්නද ගිහින් කතා කරල එතනිනුත් කින්ඩියක් දාල කොහොමින් හරි අත්සනක් දාගෙන වැඩ පටන් ගත්තා. පළමු දවසනෙ පොඩ්ඩක් කලින් ගිහින් යාළුවෝ එක්ක සෙට් වෙන්න හිතාගෙන ලිෆ්ට් එකට යන්න එනකොට වී.පී. කතා කරල කියනව පොඩි පැවරුමක් තියෙනව අද රෑම දෙන්න ඕන එකක් කරන්න පුලුවන්ද කියල. පළමු දවස නිසා බෑ කියන්නත් බෑනෙ කියල අරගෙන රෑ වෙනකම් වැඩ කරන්න පටන් ගන්නව. කම්මැලි නිසා තේ එකකුත් හදාගෙන ඇවිත් බොන ගමන් වැඩේ ආපහු පටන් ගන්නව. තේ එකත් අතේ දුරින් මේසෙන් තියාගෙන වැඩේ ගැන අවධානෙන් ඉන්න ගමන් තේ කෝප්පය අතට ගන්න හදනකොට අතේ දුරින් තිබ්බ තේ කෝප්පය මේසයකටත් එහාට ගිහින්.. ඒ ගැන චකිතයක් ආවත් ආපහු වැඩේ ගැනම අවධානයෙන් වැඩේ කරල යාළුවෝ එක්ක සෙට් වෙන්න යනකොට ලිෆ්ට් එකේ නැගල පහළට යන්න බොත්තම ඔබල බලාගෙන හිටියත් මාරුවෙන් මාරුවට එක එක තට්ටුවලට යනව මිසක් පහළ තට්ටුවට යන්නෙ නෑ. කොහොමින් හරි දගලල ලිෆ්ට් එක පහළට ගිහින් වාහනේට නැගල පස්සට ගන්නකොට (රිවස් කැමරාවෙන් බලල) යම් දෙයක හැප්පෙනව වගේ එළාම් එක වදිනව. බැහැලත් බලනව මොනවත් තියෙනවද කියල, ඒත් නෑ. පස්සෙ ෆෝන් එක අමතක වුණා කියල මතක් වෙලා ආයෙ උඩට යනව. ඒ ගිහින් ෆෝන් එක අරගෙන එද්දිනුත් කලින් විදියටම ලිෆ්ට් එකේ හිර වෙනව. අඩි සද්ද ඇහෙන්න ගන්නව. ඒ මේ තට්ටුවේ නැවතෙනව, එකම් විකාරයක් වෙනව. ඒ අස්සේ එච්.ආර්. ලේඛන කාමරේ හිරවෙලා ඉදල ගුරූට අහු වෙනව. දැන් දෙන්නම් සමාගම් ගොඩනැගිල්ලේයි ලිෆ්ට් එකෙයි එළියට එන්න විදියක් නැතුව මාට්ටු වෙනව.