මේ වසරේ නිකුත් වෙච්ච තවත් අලුත්ම චිත්රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. නිකන්ම නිකන් චිත්රපටයක් නෙවෙයි මේ වසරේ නිකුත් වුන චිත්රපට පාදක කරගෙන ලබන වසරේදී පවත්වන ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන නොලැබුනත් අඩුම තරමේ නිර්දේශ නාම යෝජනා වලට හො හිමිකම් කියන්නවත් පුලුවන් විදිහේ අපූරු, වෙනස් චිත්රපටයක්. චිත්රපටයෙ පසුබිම මෙන්න මෙහෙමයි.
Scott Pilgrim vs. the World, Baby Driver වැනි අතිශය ජනප්රිය චිත්රපට හරහා බොහෝදෙනා අතරේ ජනප්රියත්වයට පත්වෙච්ච Edgar Wright යටතේ තමයි මේ Last Night in Soho අධ්යක්ෂණයත් වගේම චිත්රපටයෙ පිටපත සහය රචනයත් සිදුවෙලා තියෙන්නෙ. ඒවගේම චිත්රපටයෙ පිටපත සහය රචනයට එක් වූ අනික් කෙනා තමයි 2020 වසරේ ඔස්කාර් සම්මාන රැසක්ම ලබාගත්ත 1917 චිත්රපටයෙ රචනය සිදු කල Krysty Wilson-Cairns කියන්නෙ. මේ වසරේ ඔක්තෝබර් 29’වැනිදා සිට ලොවපුරා ආරම්භ කලේ Universal Pictures බෙදාහැරීමක් විදිහටයි. ඒවගේම නොවැම්බර් 19 වැනිදා VOD (ඒ කිව්වේ අපිට නම් අන්තර්ජාලයට වීඩියෝ පිටපත්) නිකුත් කිරීමක් සූදානම් කරලා තිබුණු නිසා ඇ.ඩො.මි. 43කින් නිර්මාණය වුන මේ චිත්රපටයෙ වියදම පියවාගන්න ලැබෙන්නෙ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන්.
ප්රධාන රංගනයෙන් Thomasin McKenzie, Anya Taylor-Joy, Matt Smith, Michael Ajao, Terence Stamp, Diana Rigg සම්බන්ධ වෙලා තියෙනවා වගේම මේ වෙද්දීත් සම්පුර්ණ සම්මාන උළෙලවල් තුනක සම්මාන පහක් වෙනුවෙන්ම නිර්දේශ නාම යෝජනා අතරට එක්ව තිබෙනවා. පැයකුයි විනාඩි 52ක් එක දිගට බලාගෙන ඉන්න පුලුවන්ද? වර්තමානයෙ ඉන්න ගමන් අතීතයෙ භයංකාර හීන වලට යන්න කැමතිද? එහෙම නම් ඉතිං අරගෙන බලන්න.