යුරෝපයට වැලඳෙන වෛරස් එහෙකින් එහි ජනතාවගෙන් බොහෝ දෙනා මිය යනවා. බේරුනු අය වාසස්ථාන හොයාගෙන උතුරට ඇවිදගෙන යනවා. මේ වෛරස් එක වැලදිලා ඉන්න හැමෝවම වගේ කමාන්ඩර් ස්ටෝන් මරලා දානවා. කමාන්ඩර් ස්ටෝන් හා ඔහුගේ කණ්ඩායම තමයි මේ වෛරස් එකට පිලියමක් හොයා ගන්න හදන්නේ. හැබැයි ඒ හොඳ විදිහට නම් නෙමෙයි. හොඳින් හෝ නරකින් තමයි මිනිහට වැඩේ වෙන්න ඕනේ. ඒ විදිහට කමාන්ඩර් ස්ටෝන් අහිංසක මිනිස්සුන්වත් නිකරුනේ මරලා දානවා. මේකට විරුද්ධ වෙන්නේ ජෝන් කියලා ස්ටෝන් ගේ කණ්ඩායමේම අයෙක්. ජෝන් තමයි මේ කතාව ප්රධාන චරිතය කරන්නේ. Daniel Stisen තමයි මේ චරිතයට රඟපාන්නේ. ජෝන්ටත් මේ ස්ටෝන් ගෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා. චිත්රපටයෙදී ඔයාලට බලාගන්න පුළුවන් ඒ මොනවද කියලා. දැන් ජෝන් කියන්නේ පාඩුවේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. එක රෑකදී එයාට සිද්ධ වුන දේවල් සිහි කරගෙන ඉන්න ජෝන් ගේ ඉස්සරහට එනවා කෙල්ලෙක්…