චිත්‍රපටි දමිළ

Kuttram Kuttrame (2022) Sinhala Subtitles | හෘදය සාක්ෂියේ දඬුවම ! [සිංහල උපසිරසි]

ඊෂ්වරන් කියන්නෙ ගොවිතැනෙන් ජීවත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා ජීවත් වුණේ තාත්තයි අක්කයි අක්කගෙ දුවයි එක්ක. ඊෂ්වරන්ගේ මාමා කෙනෙකුගේ යෝජනාවට අනුව ඊෂ්වරන් එයාගෙ ගොවිපල බලාගෙන එහෙ තියෙන නිවසකට පදිංචියට යනවා අක්කයි අක්කගෙ දුවයි එක්ක. ටික දවසක් එහෙ වැඩ කරනකොට ඊෂ්වරන්ගේ මාමයි නැන්දයි එයාලගෙ දුවව විවාහ කරල දෙන්න ඊෂ්වරන්ට යෝජනා කරනව. යෝජනාව ඉළිගන්න ඊෂ්වරන් කෝකිලාව කසාද බදිනවා. හැබැයි ඊෂ්වරන්ගේ අක්කගෙ දුව මේකට කැමති වෙන්නෙ නෑ. ඒවගේම කෝකිලාගෙ අම්මගෙ මල්ලි වන පොලිස් නිළධාරි නාට්‍රායනුත් මේ කසාදයට තදින්ම විරුද්ධයි. මොකද ඊෂ්වරන්ගෙ අක්කගෙ දුව ප්‍රියා ඊෂ්වරන් ගැන අදහසක් තිබ්බා වගෙම නාට්‍රායන්ට කෝකිලා ගැන අදහසක් තිබුණා. විවාහයට කලින් දවසක ප්‍රියා, කෝකිලාව මුණ ගැහිලා තමන්ගේ මාමා ගැන අදහසක් තියෙනවා, බැරිවෙලාවත් යෝජනාවක් ආවොත් කැමති වෙන්න එපා කියල කිව්වත්, ඒ සිද්ධියෙන් දෙන්නා අතර විරසකයක් ඇති වෙනවා. කාලෙකින් එයාලට දරුවෙකුත් ලැබෙනවා. ඒ ලැබිලා ටික කාලෙකින් ඒ දරුවා අන්ත්‍රා වෙනවා. දරුවා අන්ත්‍රා වෙලා ටික කාලෙකින් ඊෂ්වර්න්ගේ බිරිඳ නිදි පැදුරේම මියැදෙනවා. හේතුව නිදි පෙති වැඩිපුර පානය කරලා සියදිවි හානි කර ගැනීමක් කියලයි කියන්නෙ. අපි බලමු ඊෂ්වරන්ගෙ දරුවගෙ මරණයටයි, ඊෂ්වරන්ගේ බිරිඳ කෝකිලාගෙ මරණයටයි දෛවයේ සරදම කොහොමද බලපෑවෙ කියලා.

Leave a Reply

Your email address will not be published.