කතාව ගැන කියනවා නම්, ඉබ්රහිම් ජීවත් වෙන කඳුකර ප්රදේශයේ සිද්ධවුණු නාය යෑමක් නිසා ඔහුට තමන්ගේ බිරිඳ සහ දියණිය අහිමි වෙනවා. ඉබ්රහිම් තමන්ගේ පාඩුවේ තාත්තායි මල්ලි එක්ක ජීවත්වෙන මුස්ලිම් ජාතිකයෙක්. මේ නාය යාමෙන් පවුලේ සාමාජිකයින් අහිමි වුණු හින්දු පවුලක් ඒ අසලම ජීවත් වෙනවා. මේ අසල්වැසි හින්දු පවුලත් එක්ක ඉබ්රහිම්ගේ පවුල බොහොම සුහදව ජීවත් වෙනවා. ඉබ්රහීම්ලගේ පවුලේ අයගේ දුකට සැපට වගේම කෑම ටික පවා ගෙනත් දෙන්නේ හින්දු පවුලේ ‘සුමා’. මෙහෙම බොහොම සාමකාමීව ජීවත් වුණ ඉබ්රහිම්ගේ පවුලට දවසක් රෑ නොහිතපු අවස්ථාවකට මූණ දෙන්න වෙනවා.
මිනීමරුවෙකු අත් අඩංගුවට ගත්තු පොලිස් පරික්ෂකවරයෙක් හදිස්සියේම ඉබ්රහිම්ගේ ගෙදරට ඇවිත් නවාතැන් ඉල්ලනවා. ඒ් ඉල්ලීම නැත්නම් ඒ නියෝගයට අවනත වෙන ඉබ්රහිම්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. පොලිස් පරික්ෂකවරයා ලුහුබඳිමින් එන තවත් පිරිසක් හින්දා ඉබ්රහිම් ඇතුළු පිරිසට තමන්ගේ ජීවිතේ බිහිසුණුම රාත්රියක් ගත කරන්න වෙනවා. මේක එක්තරා විදියක මරණයෙන් අවසන් වෙන තරඟයක්. හැබැයි තරඟයේ වීරයා වෙන්නේ අපි නොහිතන කෙනෙක්.