සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් අයෙක්. 1984 වසරේදී තම මස්සිනා වූ බාස්කර පිල්ලයි, ඔහුගේ රියදුරු පොන්නපන් සහ සහායක ශාහු එක් වී කුරුප්ගේ මරනය ව්‍යාජ ලෙස පෙන්වා රුපියල් ලක්ශ 8ක ජීවිත රක්ශන මුදලක් ලබා ගැනීමේ අරමුනියි චාකෝ නම් පුද්ගලයෙක් මරා දමනවා. බාස්කර පිල්ලයි ශාහු සහ පොන්නපන් පොලිස් අත් අඩංගුවට ගත්තත් කුරුප් පලා යනවා. ඉන්දියාවට අත්‍යාවශ්‍ය කර තිබූ දීර්ඝතම පලා ගිය පුද්ගලයා බවට ප්‍රසිද්ද වූ කුරුප් 1984 වසරේ සිට තවමත් අතුරුදහන් වී සිටිනවා.