කතාව ගැන කිව්වොත් එහෙම රවින්ද්‍රනාත් කියන්නේ පිටිසර ගමක හොදට ඉගෙන ගත්ත තරුණයෙක්.. නමුත් ඔහු කොච්චර මහන්සි උනත් රැකියාවක් ලැබෙන්නේ නැහැ. මොහුට උගන්වන්න තාත්තා සැහෙන්න වියදම් කරලා එහෙම තියනවා. නමුත් අවුරුදු 25 ක් විතර උනත් තාමත් මොහුට රැකියාවක් නැති නිසා තාත්තා පවා දුකින් ඉන්නේ. කොහොම හරි රවින්ද්‍රනාත් ආපහු ගමේ එනවා.එහෙම එද්දි ගමට ලොකු නියගයක් ඇවිල්ලා. මොහුගේ තාත්තා කරන්නේ ගමේ එළුවෝ බලාගන්න එක. කොහොම හරි ගමේ එළුවෝ බලාගන්න තව තුන්දෙනෙක්ගේ එළුවෝ දෙසියක් විතර ඉන්නවා. මොවුන් තිරණය කරනවා කැලේට එළුවෝ අරන් යන්න උන්ට කන්න බොන්න හොයාගන්න. හැබැයි මේ ගමනට ගමේ හයිය හත්තිය තියන කිහිප දෙනෙක් ඕනි වෙනවා. මොකද කැලේ කොටි අනම් මනම් සත්තු පිරිලා ඉන්න නිසා. මේ පාර ගමේ ගිය නිසා රවිත් මේ ගමනට කැලේට යන්න එකතු වෙනවා. එහෙම යද්දි තමයි ඔබු පවා හම්බවෙන්නේ… ඉතින් මේ කැලැවට යන ගමනින් ඔහුගේ මුළු ජිවිතයම වෙනස් වෙනවා.. ටිකක් හිත රිලැක්ස් වෙන්න චිත්‍රපටියක් බලනවා නම් ඔන්න මේක අරන් බලන්න පුලුවන්.. එහෙනම් තව චිත්‍රපටියක් එක්ක හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
