කතාව ගැන කිව්වොත් එහෙම ක්රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ කණ්ඩායම.. මේ අය ජාති බේද ආගම් බේද පැත්තක දාලා ඉන්න නිසා මේ අයට ඡන්දය ගන්න මිනිස්සුන්ට කියන්න දෙයක් නැති වෙනවා.. අපි උනත් දන්නවානේ අපේ රටේ උනත් සමහර පක්ෂ ඡන්ද ගන්නේ ජාති ආලය වගේ එවා ඉස්සරහාට දාලා කියලා.. ඉතින් කොහොම හරි මේ තරුණ කණ්ඩායම දෙකඩ කරන්න මේ දේශපාලන කණ්ඩායම් දෙක උත්සහා කරනවා.. ඉතින් ඒක හරි යාවිද? එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්රපටිය බලන්නම වෙනවා.. කතාව අස්සේ පොඩි ලව් ස්ටොරි එකකුත් යනවා.
