චිත්‍රපටය ආරම්භ වන්නේ එළඹෙන පංචායත් මැතිවරණ සඳහා පක්ෂ අපේක්ෂකයෙකු ලෙස දුප්පත් කාන්තාවක් තෝරා ගැනීමෙනි. ජයග්‍රහණය කිරීමෙන් පසු පක්ෂයේ නියෝග පිළිපැදීමට බලාපොරොත්තු වන නමුත් තම ගමේ සුභසාධනය සඳහා ඇය අවංකව කටයුතු කරනවා. මෙය පාක්ෂිකයින්ගේ කෝපයට හේතු වන අතර ඇය මාස 8 ගැබිනියක්ව සිටියදී ඔවුන් ඇයට පහර දී ඝාතනය කිරීමට සැලසුම් කරනවා. කණ්ඩායමක් යොදවා සැමියාට හා ඇයට පහර දී ගිනි තියන නමුත් ඇය කෙසේ හෝ දිවි ගලවාගෙන විජයරාඝවන් (විජය ඇන්ටනි) බිහිකරන අතර, ඇයට අවශ්‍ය වන්නේ ඔහුව අයි.ඒ.එස්. නිලධාරියෙකු කිරීමටයි. අම්මගෙ ඒ ආශාව ඉෂ්ට කරන්න හිතාගෙන විජයරාගවන් චෙන්නෙයි වලට එනවා. ඒ ආවයින් පස්සේ මහල් නිවාසයක ගෙයක් කුලියට අරගෙන අහල පහල ළමයින්ට ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන ගමන් තමන් පැමිණි කාරණාව වන අයි.ඒ.එස්. සිහිනය ඉටු කරගන්න වැඩ කටයුතු කරනවා. එහෙම කටයුතු කරන ගමන් චෙන්නෙයිවල ඉන්න දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් සමග ගැටෙන්න පටන් ගන්න සිද්දි දාමයත් අම්මගෙ සිහිනය ඉටු කරගන්න එකත් තමයි චිත්‍රපටයේ දිවෙන්නෙ. යාළුවනේ ඔයාලම දන්නවනෙ මම වැඩිය ලියන්න කැමති නෑ කියල,එහෙනම් ඉතින් ට්‍රේලරය බලලම චිත්‍රපටය බලන්න පටන් ගන්න.