චිත්‍රපටි තෙළිඟු

Khiladi (2022) Sinhala Subtitles | වංචාවක පැටළුණු මිනීමරු ගාන්ධි… [සිංහල උපසිරසි]

විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා අවුරුදු හයක් වෙනවා. විවාහයෙන් පස්සෙ ගාන්ධිට රාජසේකර්ගෙ පවුලෙ අයත් එක්ක ආශ්‍රයෙන් ටිකක් ඈත් වෙන්න වුණා. දවසක් ගාන්ධිගේ රැකියා ස්ථායේත් ප්‍රධානියා වුණ රාජසේකර්ව අත්අඩංගුවට ගත්තා කියලා ආරංචියක් ලැබුණා. මේ අස්සෙදි රාජසේකර්ට ආරක්ෂිතව තියන්න කිව්ව රු. කෝටි දහ දාහක් ගැන ස්වදේශ කටයුතු ඇමතිතුමා ගාන්ධිගෙන් අහනවා.

ගාන්ධි හීනෙකින්වත් හිතුව දෙයක් නෙවෙයි රාජසේකර් මහත්තයා හොර ගනුදෙනුව කරනවා කියන එක. ඒ වගේම ඇමති ගාන්ධිට තර්ජනය කරන්නත් ගත්තා. ගාන්ධි රාජසේකර්ව මුණගැහෙන්න ගිහින් මේ ගැන එයාගෙන් ඇහුවත් උත්තර දෙන්න කැමති වෙන්නෙ නැහැ. ගාන්ධි පොලිස් ස්තානයෙන් පිටවෙලා යද්දි කල්ලියක් ගාන්ධිව අල්ලගන්නවා. ගාන්ධිගෙ පවුලෙ අයවත් ඒ අය ප්‍රාණ ඇපයට අරගෙන තිබුණේ. ඩේවිඩ් කියන මේ පුද්ගලයටත් ඕනේ වෙලා තිබුණේ රු. කෝටි දහදාහම තමයි. රාජසේකර් සල්ලි කොහෙද හැංගුවෙ කියලා කියනකල් ගාන්ධිගෙ පවුල අතාරින්නෙ නැහැ කියලා ඩේවිඩ් කිව්වා. සල්ලි හොයාගත්තම මුලින්ම ඩේවිඩ්ට කියන්න ඕනේ කියන පොරොන්දුව පිට ගාන්ධිට එතනින් යන්න දෙනවා. ගෙදරට ගිහින් බැලුවහම පොලිස් නිලධාරියෙක් ඒ කෝටි දහදාහම හොයාගෙන ඇවිත්. එයාත් සල්ලි ගැන මුලින්ම එයාට කියන්න කියලා බල කරනවා.

කොහොම හරි ගාන්ධි රාජසේකර් පෙන්වපු  රහස් සංඥාවකින් සල්ලි තියෙන තැන හොයා ගන්නවා. ගාන්ධි මුලින්ම රාජසේකර්ගෙ පවුලේ අයව බේරගන්න ඕනේ නිසා සල්ලි ගැන මුලින්ම ඇමතිතුමාට කියනවා. දෙවැනියට ඩේවිට සල්ලි ගැන කියලා තමන්ගෙ පවුල බේරගන්න හිතවා. කොහොමින් හරි ඇමතිගෙ සල්ලි ඩේවිඩ් කොල්ල කනවා. මේ ඔක්කොම දිහා ගාන්ධි අසරණව බලාගෙන හිටියා. ඩේවිඩ්ගෙන් ගාන්ධි, තමන්ගෙ පවුලෙ අයව, තමන්ව නිදහස් කරන්න කියලා ඉල්ලනවා. ඩේවිඩ් පොරොන්දු වුණ විදිහට ගාන්ධිගෙ පවුලෙ අයව අතහරිනවා. ඒත් ගාන්ධිව අතහරින මුවාවෙන් ගාන්ධිව මරලා දාන්න ඩේවිඩ් ලෑස්ති වුණේ. මේක වාසනාවකට වගේ ගාන්ධට දකින්න පුළුවන් වුණා.

ගාන්ධි එතැනින් පැනගෙන ගෙදරට යනවා. ගෙදර ඒ වෙනකොටත් ඩේවිඩ්ගෙ මිනිස්සු ඇවිත් හිටියා. ඒ වෙනකොටත් පවුලේ සාමාජිකයින් එකින් එක මරාගෙන යන ගමන් හිටියේ. ගාන්ධි ඇරෙන්න ඉතිරි වෙලා ගිටිය ගාන්ධිගෙ දුව එතනින් පැනලා ගිහින් තිබුණා. පහුවදා ගාන්ධි මේ මිනීමැරුම් වලට චූදිතයා කරමින්  ගාන්ධිව අත්අඩංගුවට ගන්නවා…. මේක කතාව පටන් ගන්න විදිහ ගැන පොඩි සාරංශයක් විතරයි. ඇත්තටම ගාන්ධිට මේ මිනීමැරුම් තමන් කලේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් වේවිද? ගාන්ධිගෙ පවුලෙ අය ඇත්තටම මැරුණද?

Leave a Reply

Your email address will not be published.