එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. සල්ලි කාරයෙක් වැරැද්දක් කරත් නැතත් වැරැද්දක් නැහැ,ඒත් දුප්පත් අහිංසක මනුස්සයෙක් වැරැද්දක් කලොත් ඒක ලොකුවට පෙන්වනවා,වැරදි නොකලත් වැරද්දක් කලා කියනවා,ඒ විදිහට අහිංසකව තම බිරිද එක්ක සතුටින් ජීවත් වෙන කෙනෙක් තමයි ප්රභූ කියන්නෙ.එයාගෙ රැකියාව තමයි කෑම ඩිලිවරි කරන එක,බිරිදත් පොඩි රැකියාවක් කරනවා,ප්රභූගෙ හීනෙ තමයි රට රස්සාවකට යන එක,දවසක් ප්රභූගෙ බිරිද රෑ වැඩ ඇරිල එන අතර මගදි හොරු කිහිප දෙනෙක් ඇගේ රත්තරන් බඩු මංකොල්ල කනවා,ඒත් එක හොරෙක් ඇයව බදා ගන්න හදනවා,ප්රභූට මේක ආරංචි උන ගමන් එවෙලෙම බිරිද එක්ක ඒ හොරු ටික හොයා ගෙන යනවා,යන අතර මගදී රාත්රී මුරසංචාරයේ ඉන්න පොලිස් නිලධාරීන් ප්රභූව අල්ල ගන්නවා බීල බයික් එක පැදෙව්ව කියල එතනින් එහාට තමයි ප්රභූගෙ ලස්සන ජීවිතේ අවලස්සන වෙන්නෙ,මොනතරම් අවලස්සන වෙනවද කියනව නම් බිරිදට ලැබෙන්න ඉන්න දරුවත් නැති වෙනවා,ඉතින් හිතා ගන්න පුළුවන් නේද ප්රභූට මොනව වෙන්න ඇත්ද කියල.
එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ චිත්රපටිය නරබන්න කියල.