පොඩි හැඳින්වීමක් කරන්නම් එහෙනම්. කේට් කියන්නෙ ඝාතකයෙක්.මෙයාගෙ හසුරුවන්නා වෙන්නෙ වැරික්. වැරික් තමයි පොඩි කාලෙ ඉඳලම කේට්ව පුහුණු කරන්නෙ. දවසක් මෙයා යකුසා නායකයෙක්ව මරන්න හදද්දි ඉලක්කෙ වරදිනවා. එතනින් පැනලා යද්දි ඇයව අනතුරකට ලක් වෙනවා. රෝහලේදී සිහිය ලැබෙන කේට්ට දැනගන්න ලැබෙනවා ඇයට වස දීලා කියලා. ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ පැය 24ක් වගේ සුළු කාලයක්. තමන් මීට කලින් කරපු ඝාතණයකට පළිගැනීමක් විදිහට යකුසා සංවිධානය තමන්ට වස දීලා කියලා දැනගන්න කේට් කොජීමා කියන යකුසා නායකයව මරන්න ඔහුගෙ ලේලියව පැහැර ගන්නවා. අවසානෙදි කේට් නොහිතන විදිහකට තමයි සේරම ඉවර වෙන්නෙ.
මීට වඩා කියන්න යන්නෙ නෑ.