මම ගෞතම්… සෛල්‍ය වෛද්‍යවරයෙක්… සුපුරුදු විදියට 7ට නැගිටිනකොට ගෙදර උයන පිහන අක්කා ඇවිත් කතා කරනව. ඊට පස්සේ මාත් ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට යනව. වෙනදා වගේ හම්බවෙන හැමෝම සුභ උදෑසනක් කියල පිළි අරගන්නව. වැඩට ගියාට පස්සේ එදාට තියෙන වැඩසටහන් ගෞතම්ට ඇවිත් මතක් කරලත් දෙනවා. සමීරා කියන පාකිස්තාන ගෑණු ලමයගෙ සැත්කම කරලා නිව්ස් 7 නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙලා ගෙදර ගියාට පස්සෙ හවස ඉස්පිරිතාලෙන් කෝල් එකක් එනව උදේ සැත්කම කරපු පාකිස්තාන ගැහැණු ළමයා මැරුණා කියල. ඊට ටික වෙලාවකට පස්සේ යාළුවෙක් කෝල් කරනවා එයාගෙ අම්මට අසනීපයි පොඩ්ඩක් ඇවිල්ල බලල යන්න කියල යාලුවෙක්ගෙන් කෝල් එකක් එනව. නිදිමරගාතෙම හා එන්නම් කියල ඊ.සී.ආර්. පාරේ යනකොට හදිසියේම නෙමිලි ආසන්නයේ පාලමක කාර් එක නතර වෙනවා. ඒ එක්කම උල්කාපාතයක් වගේ දෙයක් ඒ අසලින්ම කඩා වැටිලා ඒකේ ආලෝකයෙන් ගෞතම් අන්දවෙලා යනවා වගේ දැනෙනවා.
එක පාරම ඇහැරෙන ගෞතම් වෙලාව බලද්දි උදේ 7.00 යි. ගෙදර උයන අක්කා දොරට තට්ටු කරගෙන එළවලු ගන්න ගිහින් එයාගේ අදෝනාව කියාගෙන ඇතුළට එනකොට ගෞතම් අහනව අද මොනවද උයන්නෙ කියල. අක්කගෙ උත්තරේ බණ්ඩක්කා මාළුව… අදත් ඒකද උයන්නෙ කියල අහපුවාම, අක්ක කියලනව ඊයේ වම්බටු මාළුවක්නෙ හැදුවෙ කියල. ඔය විදියට දවසේ හැමදේම ඊයේ වුණා වගේ තමයි ගෞතම්ට තේරෙන්නේ.. හවස් වෙලා රෑ වෙනකනුත් ගෞතම් ඉන්නෙ අවුලෙන්… මොකද වෙන හැමදේම කලින් වුණා වගේ දැනෙන නිසා. යාළුවන්ටත් අඩියක් ගහන අතරේ මේක කිව්වාම දවසේ වැඩ නිසා එහෙම වෙන්න ඇති නින්දක් දැම්මාම හරි යයි කියල යාලුවෝ කිව්වට පස්සේ නිදාගෙන ආයෙත් ගෞතම්ට ඇහැරෙනවා උදේ 7.00 බෙල් එකට. ටිකෙන් ටික වැඩ කරගන්නකොට ගෞතම්ට තේරෙනවා කලින් දවසේ වුණ සිද්ධි දාමයම ආපහු වෙනව කියල. පස්සෙ ගෞතම් විද්‍යාඥයෙක් වන ෆ්රෑන්ක්ලීන් මහත්මා ගිහින් මුණ ගැහෙනව. ඩොක්ටර් ෆ්රෑන්ක්ලීන් පවසන විදියට ගෞතම් කාල චක්‍රයේ දවසක හිර වෙලා ඉන්නෙ කියනවා. එතනින් තමයි මේ සිද්ධි දාමය පටන් ගන්නෙ.