ඔන්න එහෙනම් ගොඩක් අය හොයපු ගොඩක් අය ඉල්ලපු ෆිලුමක් අරන් ආයෙත් ආව. පුද්ගලිකව මාත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් එකක්. තනියම බලන්නෙ නැතුව ඔන්න සබ් එක ඔයාල හැමෝම එක්ක බෙදාගන්න තමා මේ ලෑස්ති වෙන්නෙ. නම දැක්කම දන්නවනෙ නේ මොකද්ද සීන් එක කියල. ඔව් වැම්පයර් සීන් එකක් තමා. මේක ටිකක R-Rated පැත්තට බරයි. ලේ ගලන සීන්, කපන කොටන සීන් එහෙම ටිකක් තියනවා. ඒ උනාට ගොඩක්මත් නෑ. මේක අධ්‍යක්ෂණය කරන්නෙ Travis Stevens කියන අධ්යක්ෂවරයා. 80/90 දශකයේ හොල්මන් චිත්‍රපට රැජින ලෙස හඳුන්වපු Barbara Crampton ඈන් ෆෙඩර් විදියටත් Laurence T. Fessenden ජේකබ් ෆෙඩර් විදියටත් ප්‍රධාන චරිත වලට එකතු වෙනව. ආ තව එකක්. මේකෙ අන්තිම හරියෙ අපි හැමෝම දාන්න CM Punk අයියත් පොඩි කොටසකට එකතු වෙනව. Horror/Thriller ගණයට වැටෙන මේ ෆිලුම මේ වෙද්දි 5.5/10 ක IMDB අගයකුත් 86% කුණු තක්කාලි අගයකුත් ලබා ගෙන තියනවා. 2021 අප්‍රේල් 16 නිළ වශයෙන් එලි දැක්වුවාට පස්සෙ $30,000 බොක්ස් ඔෆිස් ආදායමකුත් උපයාගෙන තියනවා.
කතාව ටිකක් මෙහෙම කියන්නම්. ජෙකොබ් කියන්නෙ පල්ලියේ පියතුමා. එයාගෙ භාර්යාව තමා ඈන් කියන්නෙ. මේ දෙන්න ඒකාකාරී ජීවිතයක් තමා ගෙවන්නෙ. ඈන් මේ ජීවිතේට කැමති නෑ. ඒත් මොනව කරන්නද. වෙන කරන්න දෙයක් නැති හින්ද ඔහේ ජීවත් වෙනවා. ඒත් එක දවසක මේ හැමදේම වෙනස් වෙනව. එතනින් එහාට කියන්නෙ නෑ එතකොට කුතුහලය නැති වෙනවනේ. ඔයාලම බලල දැනගන්නකෝ.
කට්ටිය ෆිල්ම් එක බලද්දි පොඩ්ඩක් තනියම බලන්න. ලොකු සීන් මොනවත් නැති උනත්. පොඩි සීන් එකක් යද්දීවත් කව්රුහරි ආවොත්. 😀 ඒකයි ඒ ගැනත් මතක් කරේ. වැරදි අඩු පාඩු තිබ්බොත් ගණන් ගන්න එපා හොඳේ. එහෙනම් දැනට මෙතනින් නවතින්නම්