ඉංග්‍රීසි චිත්‍රපටි

Jail (2021) Sinhala Subtitles | මුඩුක්කු ජීවිතේ! [සිංහල උපසිරසි]

කර්ණා, රාකි, කලයි හොද යාලුවෝ. කර්ණා පොඩි පොඩි හොරකම් කරගෙන ඉන්න කෙනෙක් වුණත් එයාගෙ අම්මා ගෞරවනීය විදියට ජීවත්වුණ කෙනෙක්. රාකිට ඉන්නෙ අක්කා විතරයි, මල්ලි තනිවෙනව කියල අක්කා කසාදයක් අරගන්නෙ නැතුව මල්ලිව බලාගෙන හිටියේ, රාකිත් පොඩි පොඩි මත්ද්‍රව්‍ය පැකට් විකුණල කීයක් හරි හොයාගන්නෙ. මේ වෙනකොට කලයි හිටියෙ හිරේ. කලයිට අම්මයි තාත්තයි දෙන්නම හිටියත් තාත්තා හොදටම ඔත්පල වෙලයි හිටියෙ. කාවේරි නගරේ මුඩුක්කු නිවාසයක තමයි කට්ටියම ජීවත්වුණේ. කලයි හිරේ හිටියත් එයාගෙ දෙමව්පියන්ට වෙන්න ඕනෙ දේවල් කලයිගෙ යාලුවෝ වුණ කර්ණයි, රාකි ඇතුලු කණ්ඩායම කරන්න අමතක කළේ නෑ. මාණික් කියන්නේ ඒ පළාතේ පොලීසියේ ඉන්ස්පෙක්ටර් පෙරුමාල්ගේ අනුදැනුම ඇතුව මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්න කෙනෙක්, මාණික්ගේ හොදම සගයා කාලියන් එයා තමයි ගොඩක් වැඩ කරල දෙන්නෙ. මාණික්ගේ කණ්ඩායමයි රාකි ඇතුළු කර්ණාගෙ කණ්ඩායමයි නිතරම මත්ද්‍රව්‍ය වෙළඳාම් ප්‍රශ්න නිසා ගුටි බැට හුවමාරු කරගන්නවා. ඒ වගේ වුණ ගුටි හුවමාරුවකදි කාලියන් අතින් රාකිව මරුමුවට පත් වෙනවා. කලයි අතින් කාලියන්ව මරු මුවට පත් වෙනවා. මේකට කාලියන්ගෙ කණ්ඩායම කර්ණා ඇතුළු කණ්ඩායමෙන් පළිගන්න බලාගෙන අවස්ථාවක් එනකම් හිටියේ. කලයිට නැවතත් හිරේට යන්න සිද්ධවෙනවා. එතනින් එහාට තවත් සිද්ධිවලට මුහුණ දෙන්න කර්ණට සිද්ධවෙනවා.

Leave a Reply

Your email address will not be published.