මේකේ නන්දිතා ස්වේතා ( ඉන්ස්පැක්ටර් යාලිනි ) කියන චරිතේ තමයි කරන්නේ , ඉතින් කතාව පටන් ගන්නේ ඉන්ස්පැක්ටර් යාලිනි හොල්මන් එලවන තැනකට වෙස්වලාගෙන ගිහින් එතන වෙන හොර වැඩ වගයක් ( ඒ කියන්නේ මිනිස්සුන්ව රවට්ටන ඒවා ) වගේ දේවල් ගැන ලැබුණු ආරංචියකට වැටලීමක් කරන ගමන් තමයි.. ඉතින් ඒ වැටලීම එයා සාර්ථකව කරනවා.. ඉතින් කතාව ඔහොම යද්දී හඳුනා නොගත් අංකයකින් යාලිනිට කෙටි පණිවිඩයක් එනවා සොහොනක් සම්බන්ධව ඔන්න ඔතනින් තමයි මේ කතාවේ හොඳම සීන් වලට එන්ටර් වෙන්නේ ( මේක හොල්මන් ෆිල්ම් එකක් කිව්වොත් හරි ) ඉතින් එතන ඉඳන් මොනවද වෙන්නේ කියලා දැනගන්න ඔයාලා මේ ෆිල්ම් එක අරගෙන බලන්න… ඇත්තට මේ ෆිල්ම් එක ඇතුලේ ඇත්ත විස්තර එහෙම තියෙනවා ( සත්‍ය සිදුවීම් වගේ ඒවා ) ඒ මොනවද කියලත් බලාගන්නකෝ එහෙනම් මම ගියා…