ඉංග්‍රීසි චිත්‍රපටි

Intrusion (2021) Sinhala Subtitles | Upasiresi.com

ඉන්දියාවේ උපත ලබන මීරා බොස්ටන් වල යුනිවර්සිටි එකට තමයි යන්නේ. එහෙදි තමයි මීරාට හෙන්රිව මුණ ගහෙන්නේ. හෙන්රි කියන්නේ මීරා ගේ වර්තමානය එහෙමත් නැත්නම් මීරගේ සැමියා. හෙන්රි සමඟ විවාහ වෙන මීරා බොස්ටන් වල ජීවිතේට සමුදීලා කොර්ලස් වලට එනවා තමන්ගෙම කියලා නිවහනකට. මීරාගේ ආදරණීය සැමියා තමයිබේ දෙන්නා වෙනුවෙන් මේ ආදරණීය නිවහන හදවන්නේ. දරු-මල්ලන් නැති වුනත් සතුටින් ආදරෙන් ඉන්න මේ දෙන්නා දවසක් දිනක් රාතියේම පෙම්හමුවකට පිටත් වෙනවා. පෙම් හමුවකට යන මේ දෙන්නට කිසිම දේකින් බාධාවක් එල්ල නොවෙන්න හෙන්රි ඕනෑ කමින්ම ෆෝන් ගෙදර දාලයි යන්නේ. පෙම් හමුව ඉවර වුන මේ දෙන්නා ගෙදර එන කොට ගේ හැමතැනම මඩ අඩි සලකුණු පෙන්න තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ගෙදර හැමදෙයක්ම විනාස කරලා කොටින්ම ගේ අනිත් පැත්ත හරවලා…. “

ඉතිං මං හිතනවා මේ කතාව ගැන කිව්වා හොඳටෝම ඇති කියලා. ඉතින් කතාව බලන්න කියලා සිනමා රසික රසිකාවියන් වන ඔයාලටම ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published.