කතාව පටන් ගන්නේ උසස් පාසලක තියන හෝම්කමින් උත්සවයකින්. මොකක්ද මේ හෝම්කමින් එකක් කියන්නේ. අත්තම කිව්වොත් ඒක උසස්පාසලට එන නවක සහෝදර සහෝදරියෝ පිලිගන්න ජේෂ්ඨ සිසුන් විසින් සංවිදානය කරන උත්සවයක්. හරියටම බටහිර පන්නයේ සෝෂල් එකක්. ඉතින් ලංකාවේ වගේ නෙමේ ඒ රටවල් වල සංස්කෘතියත් එක්ක බලද්දි ඒවා සාමාන්‍ය දේවල්.
ඉතින් මෙයාලගේ සංකෘතියේ එක එක සංකල්ප එයාලා හදාගෙන ඉන්නවා. ඒවගෙන් එකක් තමා ! ලකුන කෙනෙක් සෝශල් මීඩියා වල ගෑනු ලමයෙකුවේ එකවුන්ට් එක්කට ගිහින් ! දානවා කියන්නේ ඒ කෙල්ල එක්ක කවුරුහරි නිදියගත්තා කියන එක ඒකෙන් අදහස් වෙනවා.
ඉතින් වෙස් ස්කොට් කියන්නෙත් ඒ පාසලේ ඉන්න ගොඩක් ලස්සන අවන්ක දක්ෂ ජේෂ්ඨ අයියා කෙනෙක්. එයාගේ සහෝදරිය එලරි ස්කොට් ඉන්නෙත් ඒ පාසලේමයි. ඉතින් ඔහොම ඉද්දි පාටියේදි වෙස් ස්කොට්ට යාලුවෙක් තහනම් මත්ද්‍රවයක් දෙනවා. හොදටම මත් වෙන් වෙස් සහා යාලුවෝ දෙන්නෙක් එක්ක බේයූ කියන එයාලගේ යාලුවාගේ කාමරේට යනවා ඒකේ තව කෙල්ලෙකුත් ඉන්නවා ඒ තමා කයිලි. ඉතින් මේ කයිලි ජූනියර් කෙනෙක් උනාට වෙස්ගේ අක්කගේ හොදම යාලුවා.
ඉතින් මේ වෙලාවේ අර කොල්ලොටික අතින් මේ කෙල්ලට මොකක් හරි අතවරයක් වෙනවා. ඉතින් වෙස්ගේ අක්කා කයිලිව හොයන් යනකොට අර කාමරේ කට්ටිය ඉන්නවා දකිනවා එයාට හිතාගන්න බෑ වුනේ මොකක්ද කියලා. උදේ වෙනකොට අර මත්වෙලා හිටපු නිසා කාටවත් කිසිම දෙයක් මතක නෑ. ඒත් වෙස්ව එහෙට එක්කන් යන යාලුවා බ්රෙයු වෙස්ගේ ෆෝන් එක අරන් අර කෙල්ලගේ සෝෂල් මීඩියා පේජ් එකේ ! ලකුන කමෙන්ට් කරනවා. ඉතින් කට්ටිය ඒක නිසා ඒ කෙල්ලට එක එක ඒවා කියන්න ගන්නවා. ඒ කෙල්ල දවස් දෙක තුනක් පාසලට එන්නෙත් නෑ.
ඉතින් ඔහොම තමයි කතාව පටන් ගන්නේ. ඉතිරි ටික ඔයාලම බලාගෙන යන්න.
Initiation (2020) Sinhala Subtitles | අසාධාරණයට එරෙහිව [සිංහල උපසිරසි]