හරි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු.වෙනද වගේම මම අදත් කතාව පොඩ්ඩක්වත් කියන්නෙම නෑ.මේක දැනට IMDB රේටින්ග්ස් වල 6.3ක් අරගෙන තියෙන කතාවක්.ඒක නිසා වර්ණනා ඕන නෑ.මේක බලන්නම ඕන එකක්.මම ආසම දේ තමයි මේකෙ ප්රධාන නිලිය.හරිම චරිතෙට ගැලපෙන නියම කෙනාව අරගෙන තියෙනවා මේකට.ගැලපෙනම චරිතයක් හම්බෙලත් තියෙනවා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Bitch කියන වචනෙට ගැලපෙනම නිලියක් ඉන්නෙ.ඒ වගේම තමයි ඔයාල හැමෝම ආස කරන නලුවෙකුත් මේ කතාවෙ ඉන්නවා.ලොකු මනුස්සයෙක් නම් නෙවෙයි.ඒ කවුද බලන්න මේක බලලම ඉන්නකෝ.මේකෙ කුතුහලය ගැන නම් කියල වැඩක් නෑ.. ඒක නිසා බලලම ඉන්න.කම්මැලි කමක් එන එකක් නම් නෑ.ඒ තරම් රසවත්.