ඇනිමේෂන් චිත්‍රපටි

Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles | රාස්ස සාදේ 4: යකා මිනිහ වෙලා මිනිහ යකා උනේ ඇයි? [සිංහල උපසිරැසි]

. ඒ Hotel Transylvania එකේ 125 වනි සංවස්තරය සමරන දවස. ඩ්‍රැක් (Brian Hull සහ Adam Sandler) ඒ වෙනුවෙන් එයාගෙ යක්, බූත, සොම්බි යාලුවන්ට පාටියක් දෙන ගමන්. මේ පාටිය වෙනුවෙන් වැඩිපුර මහන්සි වෙන්නේ ජොනී (Andy Samberg). ජොනී කියන්නේ ඉතින් ඩ්‍රැක් ගෙ දුව, මේවිස් (Selena Gomez) ගෙ ලව් එක නේ.

ඉතින් මේ සංවත්සරය දවසේ ඩ්‍රැක් ට ඕන වෙනවා තමන්ගේ දුවටයි බෑණා (ජොනී) ටයි හොටෙල් එක පවරලා විශ්‍රාම යන්න. දන්නෙ නැද්ද ඉතින් අමනුස්ස ලෝකයෙත් පවුල් පාලනය තියනවා. හැබැයි ඔයාල දන්නවා ඇති නේ ජොනී ට ඩ්‍රැක් එච්චර කැමති නැහැ කියලා. ජොනී හොටෙල් එක ඉල්ල ගන්න හදිස්සි වෙන නිසා ඩ්‍රැක් ට ආපහු හිතෙනවා එක්කෝ ඕන නැහැ තව කාලයක් එයා ම හොටෙල් එක කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි එයා ජොනී ට බොරුවට කියනවා හොටෙල් එක අයිති වෙන්නේ අමනුස්සයන්ට නැත්නම් රාක්ෂයන්ට විතරයි කියලා. ජොනී කියන්නේ ඉතින් මනුස්සයෙක් නේ.

ඩ්‍රැක් ගෙ කතාව සිරාවට ගත්ත ජොනී, වෑන් හෙල්සින් ගෙ (Jim Gaffigan) මායා පළිඟුවේ කිරණ තමන්ට විදගෙන රාක්ෂයෙක් වෙනවා. අනිත් අතට ජොනීව ආපහු මිනිහෙක් කරන්න පළිඟුව උස්සන් ගිහින් ඒ පළිඟු කිරණම ඩ්‍රැක්ට වැදෙන නිසා බුවා මිනිහෙක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔය කිරණ නිසා වේන් (Steve Buscemi), මරේ (Keegan-Michael Key), ග්‍රිෆින් (David Spade) සහ ෆ්‍රෑන්ක් (Kevin James) මිනිස්සු වෙනවා. බ්ලොබී (Genndy Tartakovsky) ජෙලි පුඩිමක් වෙනවා.

මේ විකාර අස්සෙ කැඩෙන මායා පළිඟුව වෙනුවට අලුත් පළිඟුවක් හොයාගෙන තමන්ගේ පරණ ස්වරුපය ගන්න ඩ්‍රැක් සහ ජොනී කාටත් හොරෙන් දකුණු ඇමරිකාවේ කැලෑවක් අස්සට යනවා. හැබැයි ඉතින් මේක මේවිස් ටයි එරිකා ටයි (Kathryn Hahn) ආරංචි වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔයාලට මොකද හිතෙන්නේ? මෙයාලා අලුත් පළිඟුවක් හොයා ගනීවි ද? ආපහු හිටපු තත්වෙටම ඒවි ද?

Leave a Reply

Your email address will not be published.