Halloween කියන්නේ ප්රසිද්ධම Horror Thriller චිත්රපට මාලාවක්නේ. ඉතිං 2018 දි මේ චිත්රපට මාලාවට sequel එකක් ලැබෙනවා. ඉතිං ඒ ආපු චිත්රපටයේ සිදුවීම්වල ඉතුරු කොටස තමා Halloween Kills ලෙස 2021 හැලෝවීන් මාසය වෙනුවෙන් නිකුත් වුනේ. ඔක්තෝබර් 15 වෙනිදා නිකුත් වුනු මේ චිත්රපටයට 5.8 ක් තරම් මේ කැටගරියේ ෆිල්ම් එකකට ලැබෙන හොඳ අගයක් ලැබිලා තියෙනවා. කලින් ෆිල්ම් එකේම කාස්ට් එකට අලුත් කිහිප දෙනෙකුත් එකතුවෙනවා.
කොහොම හරි මෙදා පාරත් මයිකල් මයර්ස්ගේ ඝාතන සිද්ද වෙන්න සූදානම්. දන්නවනේ පොර නිදැල්ලෙ කියන්නේ මුලු නගරයක්ම බියෙන් සඟවන්න පොළබවන්න පුලුවන් දෙයක්. නමුත් මේ හැලෝවීනයේදි නම් නගරෙන් භාගයක්ම සැඟවෙන්න නම් සූදානම් නෑ. හැමෝටම ඕනේ මේ හිසරදයට අවසන් වතාවට තිත තියන්න.2018 ෆිල්ම් එකේම හැලෝවීන් දවසේ රාත්රියේ ඉතුරු හරිය තමා මේ Halloween Kills තුළින් ඔබ වෙතට රැගෙන එන්නේ.