ඔයාල හිතෙනවට වඩා වැඩි දෙයක් මේ කතාවෙ තියෙනවා ඒ නිසා මම කතාව ගැන පොඩි හැදින් වීමක් කරන්නම්, පටන් ගන්නේ යුවලක් විසින් මහ රෑ මිනියක් අරන් ගිහින් වලලන තැනින්. එතනින් කාන්තාව වූ ජෑන් ටිකක් බයෙන් සිටියද, ඇයගේ සැමියා වුණ කැමරන්ට ඒක ගැන ගානක්වත් නැති හැඩයි. එතැනින් පසුව කොලීන් කියන කෙල්ල යාලුවෙකුගේ උපන්දින සාදෙකට යන්න වාහනයක් එනකන් පාරෙ ඉද්දී මේ යුවලට ඇයව මුණ ගැසෙනවා. පසුව කොලීන්ව ඔවුන් පැහැර ගෙන ගෙදර එක්කන් ගිහින් ඇයට වද දෙන්න ගන්නවා. පසුව ඇයව පෙට්ටියකට දාල වහල තියෙනවා. ඔය විදිහට කොලීන්ව ඔවුන් සිර කරන් ඉන්නවා. ඒත් මතක තියා ගන්න හැම පෙට්ටියකටම අගුලක් ඕන වෙන්නෑ. ඒ විදිහට පෙට්ටියකට දාල නෙවේ මොවුන් කොලීන්ව සිර කරන් ඉන්නේ. ඊට වඩා ලොකු දෙයක් තියෙනවා ඇයව සිර කරන් ඉන්න. ඒ හේතුව නිසා කොලීනුත් තීරණේ කරනවා ඔවුන් එක්ක අකමැත්තෙන් හරි නතර වෙන්න. ඉතින් මොකක්ද ඒ හේතුව? ඇයි මේ යුවල මෙහෙම කෙල්ලෙක්ව පැහැර ගන්නේ? මොවුන් මේක පුරුද්දක් විදිහට කරන දෙයක් ද? මේ දේවල් දැනගන්න අනිවාරෙන් මේක බලන්නම වෙනවා.
