ඉංග්‍රීසි චිත්‍රපටි

Girl in the Basement (2021) Sinhala Subtitles | Upasiresi.com

ඉතින් සේරා කෝඩි කියන්නෙ වයස අවුරුදු 17ක හිතුවක්කාර කෙල්ලෙක් . ඉතින් මෙයා ටිකක් විතර කටකාරයි. එයාගෙ තාත්ත වෙන ඩොන් කෝඩිව මෙයාට වැඩිය රුස්සන්නෙම නෑ. කොහොමෙන් හරි දවසක් රාත්‍රි සාදෙකට යන්න අවසර නොදීම නිසා බහින්බස් වීමක් කරගෙන මෙයාට කරඹාගෙන කාමරේට යන්න වෙනවා. මං කලින්ම කිව්වනෙ හිතුවක්කාරයි කියලා. ඔව් ඔයා හිතන දේ තමයි. මෙයා ජනේලෙන් පැනලා සාදයට යනවා එයාගේ පෙම්වතා එක්ක. එහෙම උනත් මේ තරුණයත් එහෙම නරක කෙනෙක් නෙමෙයි. ඒ නිසා වෙන ගැටලුවක් උද්ගත වෙන්නේ නෑ. ඒත් මෙයා ගෙදරට හොරෙන් සාදෙට ගියා කියලා අම්මයි තාත්තයි දැනගන්නවා. ඉතින් ඊට පස්සෙ තමා යුද්ධ පටන් ගන්නේ. විශේෂයෙන්ම තාත්තයි දුවයි අතරේ. මේ නිසාම සේරා දැඩි තීරණයක ඉන්නවා වයස 18 වුණ ගමන් එයා මේ ගෙදරින් යනවා කියලා. තාත්තගේ සැර පරුෂ බව දන්න එයාගේ අම්මයි, අක්කයි මේ තීරණයට වැරැද්දක් කියන්නේ නෑ. හැබැයි තාත්තගේ හිතේ තියෙන්නෙම මේ පොඩි දුව එයාගෙ ආත්මාභීමානෙට අගෞරව කරනවා කියන චේතනාව. ඉතින් ටික කලකින් සේරා උසස් පාසලට සමු දෙන දවස එළඹෙනවා. තව ටික දවසකින් එයාට 18ත් ලබනවා. දුව ගෙදරින් යන බව දැනගෙන ඉන්න තාත්තා, ඇගේ මව හා වැඩිමහළු සහෝදරිය නැති දවසක බිම්මහලට බඩු වගයක් ගෙනියන්න සේරාගෙ උදව් ඉල්ලනවා. මේ පැරණි නිවසේ බිම්මහලෙන් ඩොන්ට හමුවෙලා තියෙනවා බිම්මහලේ අන්තයක සඟවපු කාමරයක්. ඇත්තටම මේ යුධ කාලයේ බෝම්බ වල බලපෑමෙන් ආරක්ෂා වෙන්න හදාපු තැනක්. එයට පිවිසෙන දොරටුව පොත් රාක්කයකින් ආවරණය වෙලයි තියෙන්නේ. ඉතින් මේ පියා තමන්ගේ දුවව මේ රහස් කාමරයේ හිර කරනවා.

Leave a Reply

Your email address will not be published.