මෙය ශ්‍රී ලංකාවේ සිදුවු පාස්කු ප්‍රහාරයට ඉඳුරාම සම්බන්ධකම් පවත්වනවා. ලෝකයේ දරුණු ගණයේ ත්‍රස්ථවාදී සංවිධානයක් වන ISIS සංවිධානය විසින් ශ්‍රි ලංකාවේ පාස්කු ඉරිදා දිනය සැමරීමට ගිය කිතුනු බැතිමතුන් ඉලක්කකොට සිදුකල මිලේච්ජ බෝම්බ ප්‍රහාර දාමය පිළිබඳව අමුතුවෙන් මතක් කල යුතු නෑ, මුළු ලෝකයම කම්පා කල එම බෝම්බ පිපිරීමට පෙර සහ පසු කාලයේ දී ඇතිවු සිදුවීමක් ලෙසින් චිත්‍රපටයේ කතාව ගොඩනඟා තිබෙනවා. සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වූ මන:කල්පිත කතාවක් වූවත් මෙය සමාජයට විශාල පණිවුඩ රැසක් ගෙනහැර පෑමට සමත් වූ චිත්‍රපටයක් ලෙසද හඳුන්වා දීමට හැකියි.
