හැරී පොටර් කතාමාලාව කියන්නෙ හරියට මුහුදෙ තියෙන අයිස්කන්දක් වගේ. පේන අයිස් ටික තමයි ෆිල්ම් අටේ තිබ්බෙ. එතකොට පොතේ තිබ්බට ෆිල්ම් එකේ නොතිබ්බ ටික වතුර යට තියෙන අයිස් තරං විශාලයි. පොතේ පරිශීලන ග්රන්ථයක් විදියට සදහන් වෙන Fantastic Beast and Where can Find Them පොතයි ග්රින්ඩවල්ඩ්ගේ පළමු මායා යුද්ධය ගැන තමයි ෆැන්ටෑස්ටික් බීස්ට් චිත්රපට මාලාව පදනම් වෙලා තියෙන්නේ.
