කතාව පටන් ගන්නෙ ෆ්ලමස්ලා කියන සත්තු එයාලගෙ අවුරුද්දක් පසා තියෙන උත්සවේකින් ඉතින් මේ උත්සවේ සරසන්නෙ තනිකරම මල් වලින් ඒ මල් හොයන්න කියලා යනවා දෙන්නෙක් ඒ එඩ් හා ඔප් මේ දෙන්නගෙ අත් වැරදීමකින් මේ උත්සවේට යන එක තහනම් කරනවා එයාලගෙ රජා මෙයාලා ඒ බාධක මැඩගෙන මල් උත්සවේට මල් හොයන්න ගිහින් එක්තරා ලස්සන මලක් ඇතුලට වැටෙනවා හැබැයි මතුවෙන්නෙ අනාගතේට ගිහින් වෙනත් රටකින් එහෙදි එයාලට දැනගන්න ලැබෙනවා එක්තරා බල්ලෙක්ගෙන් එයාලව වඳවුනේ කෝමද කියලා… ඉතින් මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි. එයාලා අනාගතේට ගිහින් අතීතය වෙනස් කරාවිද? එයාලගෙ වර්ගයාගෙ වඳවීම නවතා ගනීවිද? කෝම වෙයිද කියලා ඔයාලම බලන්න.. මං අදට සමුගන්නවා තවත් මෙවන් උපසිරැසිකින් හමුවෙන තුරු ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!
