ඉංග්‍රීසි චිත්‍රපටි

Escape Room : Tournament of Champions(2021) Sinhala Subtitle | Upasiresi.com

කලින් චිත්‍රපටයෙදී අපි දැක්කනෙ හැමෝම මැරිලා අන්තිමට ඉතුරු වුණේ දෙන්නෙක් විතරයි. ඒ බෙන් සහ සෝයි. මෙයාලා ඒ සෙල්ලමෙන් බේරිලා ගියත් වැඩේ අතාරින්නෙ නැහැ. මෙයාලා පස්සෙ උත්සහ කරේ මේක පිටිපස්සෙ ඉන්න කට්ටියව නිතිය ඉදිරියට අරගෙන එන්න. ෆිල්ම් එක ඉවර වෙද්දී අපිට ඒක පෙන්වනවා. දෙවැනි එක ආරම්භ වෙන්නෙ එතන ඉඳලා. සෝයි කොහොමහරි මේ ගැන විස්තර හොයනවා. නමුත් බෙන් වැඩේට කැමති වෙන්නෙ නැහැ. මොකද බෙන් දන්නවා ආපහු ගියොත් සෙල්ලම හිරවෙනවා කියලා. හැබැයි බෙන්ව බේරුවේ සෝයි. ඒ නිසා බෙන් මෙයාට තනියෙම යන්න දෙන්නෙත් නැහැ.

කොහොමහරි අන්තිමේදී අපි දැක්කනෙ මෙයාලට මැන්හැටන් වල අතහැරලා දාපු ගොඩනැගිල්ල ඛණ්ඩාංක වගයක් හම්බවෙනවා කියලා. ඉතින් මෙයාලා ඒ හෝඩුවාව පස්සෙ තමයි යන්නේ. මෙයාලා ඒ ගොඩනැගිල්ල පරික්ෂ කරන්න යද්දී තමයි නැවත සෙල්ලමට හිර වෙන්නෙ. හැබැයි මෙයාලා එක්ක තව කට්ටියක් හිරවෙනවා. ඉතින් මේ කට්ටියටත් මෙයාලා වගේම කලින් බේරුණු කට්ටිය. ඒවගේම තමයි මේ සැරේ සෙල්ලම් ටික දරුණු කරලා තියෙනවා. ඇඟ පසාරු කරගෙන යන ලේසර්, ඇසිඩ් වැසි වැනි දේවල් දකින්න ලැබෙයි. මෙහෙම ආමාරු කරන්නෙ මෙයාලා හැමෝගෙන්ම හොඳම කෙනා තෝරගන්න? ඇයි ඒත්? අවසානය වෙනකම් නරඹන්නකො.

Leave a Reply

Your email address will not be published.