අප්‍රිකානු මහද්වීපය නිතර අර්බූද මවන, කැරලිකාර රටවල් සහිත මහද්වීපයක් බවට කුප්‍රකටයි. 1990 දී අප්‍රිකානු රටක් වෙන සෝමාලියාවේ සිවිල් යුද්ධයක් හට ගත්තා. ඒකට හේතුව උනේ එවකට ජනාධිපතිවරයා වූ ජෙනරාල් මොහොමඩ් සියාඩ් බාර් සහ ඔහුගේ හමුදා ජුන්ටාව විසින් සිදු කල අත්තනෝමතික ක්‍රියා සහ ඒකාධිපති පාලනයයි. ජෙනරාල් බාර් යටතේ එවකට පැවති යුද හමුදාව, පොලීසීය ඇතුලු සියළු බලකායන් ඉතාමත් දුෂීත උනා මෙන්ම සිවිල් ජනයා හට ඉතා කුරිරු අන්දමින් තාඩන පීඩා එල්ල කලා. වසර ගණනන් මෙය නොරිස්සු සොමාලියානු වැසියන් 1990දී කුඩාවට ආරම්භ කල කැරල්ල 1991 වන විට අති විශාල කැරල්ලක් බවට පත් වී මහා ජන සංහාරයක් රට තුල ඇති උනා. මේ කැරල්ල නිසා වඩාත්ම බැට කෑමට සිදු උනේ සෝමාලියාවේ වෙසෙන විදේශියන්ටයි. සිවිල් යුද්ධය නිසා සියළු සන්නිවේදනයන් ඇණ හිටීම නිසා විශේශයෙන්ම සෝමාලියාවේ පිහිටි සියළු විදේශිය තානාපති කාර්යාල වල සේවකයන්ට තම රට සමඟ සම්බන්ධ වී සෝමාලියාවේ දැන් උද්ගතවී ඇති තත්වය ඔවුන්ට නොහැකි උනා.
මෙම සිවිල් යුද්ධය අතර කාලයේ සෝමාලියාවේ, දකුණු කොරියානු තානාපති සහ උතුරු කොරියානු තානාපති අතර සීතල යුද්ධයක් ඇති වී තිබුනා. ස්වභාවයෙන්ම පසමිතුරන් වූ මොවුන් සෝමාලියාවේ ඇති වී තිබෙන තත්වයටත් එකිනෙකා සමඟ චෝදනා කරගත්තා. කැරලිකරුවන්ට අවි ආයුධ ලබා දෙන්නේ උතුරු කොරියාවෙන් බවට දකුණු කොරියාව චෝදනා කල අතර, උතුරු කොරියාව එම චෝදනා එක හෙලාම ප්‍රතික්ෂේප කරමින් දකුණු කොරියාවට ද්‍රෝහින් ලෙස පරිභව කලා. 1991 දී සිවිල් යුද්ධය දරුණුවටම සිදු වන සමයේ කැරලිකරුවන් විසින් අඩු ආරක්ෂාවක් ඇති තානාපති කාර්යාල කොල්ලකෑමට පටන් ගත්තා. මේ සියලු කරදර උතුරු දකුණු කොරියානු තානාපති කාර්යාල වලට සිදු වූ අතර දෙරටේම සේවකයන් සහ ඔවුන්ගේ දරුවන් ඇතුළු 20කට ආසන්න සංඛ්‍යාවක් සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂූහි අන්ත අසරණ තත්වයට පත් උනා.
ඉහත පවසපු සත්‍ය සිදූවීම් ඇසුරින් නිර්මාණය සුපිරි කොරියානු චිත්‍රපටයක් තමයි මම අද ගෙනාවේ. විස්සයි විස්ස ලෝක කුසලානය නිසා මේක කරලා ඉවර කරන්න ටිකක් පරක්කු උනා. මේ චිත්‍රපටය 2020 වසරේ නිකුත් වෙන්න තිබුනත් ලොව පුරා ඇති වූ අවදානම් තත්වය නිසා මේ වසරට කල් ගියා.