Vishal සහ Arya මීට පෙර රඟපෑ Avan Ivan 2015 සිනමාපටය දමිළ සිනමා රසික ඔබට මතක ඇතැයි සිතමි. එහිදි මොවුන් ඉදිරිපත් කල සුවිශේෂි වූ රංගනය හමුවේ ප්‍රේක්ෂකයින් අතරමං වුණා සේම මවිතයට පත්වුණා. ඔවුන් එම චරිතයන් තුලට කාවැදී චිත්‍රපටයේ අන්තර්ගතයට හොඳ සාධාරණයක් ඉටු කරමින් මනා සම්බන්ධතාවයකින් යුතුව තම කර්තව්‍යය මැනවින් ඉටුකර තිබුණා. සැබෑ ජිවිතේදිද ගජමිතුරන් වෙන මොවුන් දෙදෙනා Avan Ivan සිනමාපටයෙන් පසුව එක තිරයකදි දැක ගැනීමට හැකිවෙන්නේ Enemy 2021 සිනමාපටයෙන්, මෙහිදි මොවුන්ගේ අතිවිශිෂ්ඨ රංගනය, චරිතයන් ජීවමාන කර ඇති ආකාරය සිනමාපටය නැරඹූ විට ඔබටත් පසක් වේවි. Enemy 2021 අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Anand Shankar විසිනි Arima Nambi, Iru Mugan, NOTA, යන ඉතාමත් සාර්ථක දමිළ සිනමාපටන් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් හැඩවු සිනමා නිර්මාණයන් වේ. දමිළ සිනමා රසිකයකු වෙන ඔබ අනිවාර්යෙන්ම එම චිත්‍රපට ත්‍රිත්වය අනිවාර්යෙන්ම නරඹා ඇති,ඒ චිත්‍රපටයන්ගේ තිබුණ නිර්මාණශීලිත්වය, තිර රචනය, අන්තර්ගතය ආදි කරුණු ගැන මොහොතක් මෙනෙහි කර බැලුවොත් Anand Shankar සිනමා අධ්‍යක්ෂතුමාගේ වැඩ ගැන අමුතුවෙන් ලිවිය යුතු නෑ,එතරම් ඔහුගේ නිර්මාණශීලි ගුණය ඉහලයි