ගැටුම් සමයක තමන්ගෙ ගෙදරින් තරුණ අල්මා සහ පෙඩ්රෝ දරුවො තුන්දෙනා එක්ක පැනලා යනවා. ඒ අතරමග අල්මාට පෙඩ්රෝව අහිමි වෙනවා. අල්මා අළුත උපන් දරුවො තුන්දෙනා එක්ක තනිවෙනවා. ඒ මොහොතේ ඉන්ද්රජාලික ඉටිපන්දමක් මැවිලා. පවුරු වලින් වටවුණ මායාකාරී ගෙදරක් මැවෙනවා. ඒ පවුලෙ දරුවො වගේම දරුවන්ගෙන් දරුවො නිසි වයසට ආවම ඒ ගෙදර තමා වෙනුවෙන් වෙන් වුණ කාමරයේ දොර විවෘත කරලා තමන්ට හිමි ඉන්ද්රජාලික බලය ලබාගන්නවා. නමුත් ඒ පවුලෙ එක දරුවෙක්ට ඒ බලය ලැබෙන්නෙ නෑ.
ඇය මිරබෙල් මැඩ්රිගල්. මේ අතර මැඩ්රිගල් පවුලේ මායා නිවස විනාශ වෙමින් තියෙන්නෙ. වසර ගණනාවකට කළින් මේ බව බෲනෝ කියලා කෙනෙක් අනාවැකියක් විදිහට කියලා තිබුණා.
ඉතින් කවුද මේ බෲනෝ…?
මිරබෙල්ට ඇයි මායා බලය හිමි නැත්තෙ…?
මැඩ්රිගල් නිවස ඇත්තටම විනාශ වේවිද…?
කාටද ඒ විනාශය නවත්වන්න පුළුවන්…?