කතාවත් කෙටියෙන් කිව්වොත් සෑම් අයිසෙක් සහ මහී කියන්නේ අපේ කතාවෙ ප්‍රදාන චරිත දෙක..සෑම්ගේ ආයතනයේ අලුත් ව්‍යාපෘතියකට සෑම්ට මොරිශස් දූපතට යන්න වෙනවා,ඉතින් සෑමුයි මහීයි මොරිශස් දූපතට ගිහින් සතුටින් ඉන්නවා, නමුත් ටික දවසකට පස්සෙ මහී පැරණි බඩු තියෙන කඩයකට යනවා, එහෙදි එයා අමුතු විදියේ පෙට්ටියක් දැකලා ඒක ගෙදර අරන් ඇවිත් විවෘත කරනවා, එතනින් පස්සෙ තමයි මුළු කතාවම පටන් ගන්නේ, ඒ පෙට්ටිය ඇරියට පස්සෙ එයාල 2ට විවිධාකාර අත්භූත සිදුවීම් රැසකට මුහුණ දෙන්න සිද්දවෙනවා මොකද ඒ පෙට්ටියට ශාපයක් කරලා ඒක ඇතුලේ ආත්මයක් හිරකරල තියෙනවා. ඒ ආත්මයේ පලිගැනීමක් සම්පූර්ණ කරගන්න දරණ උත්සහයක් තමයි කතාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ..පවුලේ හැමෝටම තප්පරෙන් තප්පරේ අමුතුම කුතුහලයකින් මේ චිත්‍රපටිය බලන්න පුළුවන් කියල නිර්දේශ කරන්න පුළුවන්. Dybbuk (පෙට්ටියේ ආත්මය) බලන්න කියල ඔයාලට ආරාධනා කරලම මම නවතින්නම්..හැමෝටම බුදුසරණයි!!!
