වංශාධිපති ලෙටෝ අට්‍රෙඩිස්, තමයි ඕෂන් ප්ලැනට් එකේ එහෙමත් නැත්නම් කැලඩන් කියන ලෝකයේ පාලකයා. සිව්වැනි ශදාම් කියන අධිරාජ්‍යයාට තමයි ලෙටෝ සේවය කරන්නෙත්. ශදාම් තමයි මේ මුළු විශ්වයම අයිති අධිරාජ්‍යය පාලනය කරන කෙනා. ශදාම් විසින් ලෙටෝව අරාකි කියන ලෝකයේ පාලකයා බවට පත්කරනව හදිසියේම. අරාකි කියන්නේ කාන්තාර ග්‍රහලෝකයක්, හැබැයි එහෙ තමයි මේ විශ්වයේ වටිනාම දේ තියෙන්නේ. ඒ තමයි ස්පයිස් කියන අමුද්‍රව්‍ය. මේ සප්යිස් වලට පුළුවන් මිනිස් ජිවිත කාලයන් දීර්ඝ කරන්න, අභ්‍යවකාශ ගමන්වලට යොදාගන්න, වගේ ඉතාම අත්‍යවශ්‍ය දේවල් වලට යොදාගන්න. හරියට නිකම් කාන්තාර පිරුණු අරාබි රටවල් වල තියෙන බොරතෙල් වගේ.
ඉතිං ශදාම්ට තේරෙනවා තමන්ට අනාගතයේදී එල්ලවීමට නියමිත තර්ජනයක් තියෙනව නම්, ඒක එල්ලවෙන්නේ ලෙටෝගෙන් කියල. මොකද ලෙටෝ කියන්නේ මිනිස්සු ගැන හිතන පාලකයෙක්. අන්න ඒ නිසයි අධිරජ ශදාම් විසින් අරාකි කියන වටිනාම ග්‍රහලෝකය අට්‍රෙඩිස් වංශයට බාර දෙන්නෙ? එතකොට ඒක මොන හරුපයක්ද? තමන්ට මුහුණදෙන්න අවේන හතුරෙකුට විශ්වයේ වටිනාම ග්‍රහලෝකයක් බාරදෙන්නේ ඇයි? තෑග්ගක්, ඇත්තටම තෑග්ගක් නොවෙන්නේ කොයි වගේ වෙලාවකටද? 🙂 ඔය කාලය වෙනකොට හාර්කොනන් වංශය අට්‍රෙඩිස් වංශයත් එක්ක සටනක ඉන්නෙ.