මේක ආරම්බ වෙන්නෙ පුංචි කොලු ගැටයො දෙන්නෙක් ගෙන්.එක්කෙනෙක්ගෙ නම තමා, ජෝයි එයා වයස අවුරුදු 15 ක විතර පොඩ් කොල්ලෙක්.වැඩිය සමාජ ආශ්රයක් නැති මේ කොලුවා තමන් ගෙ අම්මවත් බලාගෙන ගෙදරට වෙලා පාඩුවෙ ඉන්න චරිතයක්. අනික් කෙනා තමයි. මැට් මැට් කියලා කියන්නෙ වයස අවුරුදු 17ක විතර ටිකක්. ටිකක් නෙවෙයි. ගොඩක් මුරණ්ඩු ළමයෙක්.ලොකු සමාජ ආශ්රයක් තිබුන මේ මැට් හිටියෙම ගෙදරින් එලියේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙන්නා ඇවිල්ලා එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක්. ඒත් ඉන්නෙ නම් ජන්මාන්තර වෛරක්කාරයෝ දෙන්නෙක් වගේ.කතාවෙ එන විදියට. මේ දෙන්නගෙ තාත්තා,ඊට අවුරුද්දකට කලින් නැති වෙලා.එයා නැතිවෙලා තියෙන්නෙත් හරිම ඛේදජනක විදියට. ඒ විතරක් නෙවෙයි, මෙයාලා දෙන්නගෙ අම්මා දරුණු පෙනහලු පිලිකාවකින් පෙලෙන කාන්තාවක් විදියට තමා චිත්රපටයෙ දක්වලා තියෙන්නෙ.