මේ කතාවේ සිදුවීම් කීපයක් එකතුවෙලා එක ලස්සන මොහොතක් හදන හැටි ගැනයි තියෙන්නේ, බලන්නකෝ එයාලා එකතු වෙන විදිහේ ලස්සන. බෙන් ගිබන් කියන්නේ මේකේ ප්රධාන චරිතය මෙයාට රඟපාන්නේ Diego Boneta , ඒවගේම මේරි රැත්කාට් කියන්නේ මේකේ අනික් ප්රධාන චරිතය ඒක රඟපාන්නේ අපේ Alexandra Daddario අක්කා. ඇත්තටම කිව්වොත් මෙයා නිසාම තමා මම මේක භාරගත්තෙත්. මේ බෙන් ගිබනුයි, මේරි රැත්කාටුයි ආදරවන්තයෝ දෙන්නෙක් ඒත් මෙයාලගේ තාත්තලා දෙන්නා ඒ කියන්නේ හෙන්රි ගිබනුයි, විලියම් රැත්කාටුයි කියන්නේ පවුලෙන් පැවතගෙන එන පරම හතුරෝ. මෙයාලගේ වෛරය එන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ඉඳලා. මේ අතරේ මේ කතාවට තවත් චරිතයක් එන්ටර් වෙනවා. එයා තමා ටෙරන්ස් උබරාල්.
ඉතින් මේ දෙන්නගේ ආදරයට මේ වෛරය හරස් වෙයිද?
මේ ටෙරන්ස් මොනවගේ කෙනෙක්ද?
එයත් මේ ආදරයට බාධා කරයිද?
ඔයාලා මැරෙන්න කැමති මොන විදිහටද?
මේ බෙන් නම් මැරෙන්න කැමති වෙඩි හුවමාරුවකදි,
ඉතින් ඇත්තටම එයා එහෙම වෙඩි හුවමාරුවකින් මැරෙයිද?
එහෙනම් ඔන්න රස විඳින්න ඇරයුම්..!