ග්‍රෙග් කියන්නෙ ගොඩක් මුරණ්ඩු ළමයෙක්. තමන්ගෙ දෙමව්පියන්ගෙ කීම අහන්නෙ නැති ළමයෙක් කියලත් කියන්න පුළුවන්. මෙයාට ඉන්නවා හොඳම යහළුවෙක් ඒ තමයි රවුලි. දෙන්නා එකම වයසෙ ඉන්නෙ. ඉතිං ප්‍රාථමික අංශයෙ ඉඳලා දැන් ලොකු ඉස්කෝලෙ යන්න තමයි සුදානම. හැබැයි ඩබලම හෙන බයකින් ඉන්නෙ. කොහොම නමුත් ග්‍රෙග් නම් ලොකු කෙනෙක් වගේ හැසිරෙනවා. නමුත් එයාගෙ හොඳම යහළුවා රවුලි නම් එහෙම නැහැ. පොඩි පෙර පාසල් යන ළමයෙක් වගේ හැසිරෙන්නෙ. ඉතිං ඒ වගේ කෙනෙක්ට ලොකු ඉස්කෝලෙදි කරදරකාර ළමයින්ගෙන් බේරිලා යන්න පුළුවන්ද? ග්‍රෙග් හැමවෙලේම වගේ උත්සහ කරනවා රවුලිට උදව් කරන්න. හැබැයි එයා ආපහු පරණ තත්ත්වයටම තමයි වැටෙන්නෙ. ඉතිං මේ ග්‍රෙග්ට රවුලි හරි මාර්ගයට අරගන්න පුළුවන් වෙයිද? නැත්තම් ග්රෙගුත් රවුලි ඉන්න තැනටම වැටෙයිද? බලලම දැනගන්නකො.
