ඉංග්‍රීසි චිත්‍රපටි

Death on the Nile (2022) Sinhala Subtitles | නයිල් නදියේ අභිරහස් මරණය [සිංහල උපසිරසි]

හර්කියුල් පොයිරෝ කියන චරිතය මුලින්ම ජනයා අතරට එන්නේ 1920දී The Mysterious Affair at Styles කියන නවකතාවෙන්. පොයිරෝ උපත ලබන්නේ බෙල්ජියමේ. උසස් අධ්‍යාපනයෙන් පස්සේ ඔහු බ්‍රසල්ස් නගරයේ පොලිස් සේවයට බැඳෙනවා. පොලිසීයෙන් විශ්‍රාම ගත්තට පස්සේ එංගලන්තයට සංක්‍රමණය වෙන පොයිරෝ රහස් පරීක්ෂකයෙක් විදියට ජිවීකාව ගෙවෙනවා. හෝම්ස්ගේ සහයට වොට්සන් හිටියා වගේ, පොයිරෝටත් සහයට හේස්ටින්ග් කියලා සගයෙක් ඉන්නවා. හැඩහුරුකම් වලට අනුව හෝම්ස් යනු අඩි 6කට වඩා උස, කෙට්ටු පුද්ගලයෙක් බවට තමයි සඳහන් වෙන්නේ. නමුත් පොයිරෝ ඊට හාත්පසින්ම වෙනස් අඩු 5කට මඳක් උස, බිත්තරයක් වැනි හිසක් සහිත, අලංකාර උඩු රැවුලකින් හෙබි කුඩා පුද්ගලයෙක් බවට තමයි නවකතාවල විස්තර කරලා තියෙන්නේ. අභිරහස් විසඳීමෙදීත් ෂර්ලොක් හෝම්ස්ට වසා හර්කියුල් පොයිරෝ ඉතා වෙනස් ක්‍රම තමයි අනුගනය කරන්නේ. හෝම්ස් විසින් අඩි සළකුනු, ඇසට නොපෙනනෙන ඉතා කුඩා සළකුනු, වැනි සාක්ෂි අගය කලත් පොයිරෝ ඒ ක්‍රමය මුලුමුනින්ම බැහැර කරනවා. ඔහුට අනුව අඩි සලකුනු ඉතාම නොවැදගත් දෙයක්. ඔහු විශ්වාස කරන්නේ මොළයේ තියෙන පුංචි අළුපාට සෛල විතරයි. ඒ වගේම යම් අභිරහසක අදාල සාක්ෂි විමසලා විසඳුම් මවා ගැනීමටත් පොයිරෝ අති දක්ෂයි.

Leave a Reply

Your email address will not be published.