අපි පොඩ්ඩක් කතාව දිහාට හැරිලා බලමු. මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක Death Bell ෆිල්ම් එකේ දෙක උනාට මේ කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ කිසිම තැනකින් මේ කතා දෙක ලින්ක් වෙලා නැහැ. හැබැයි මේ කතාව පලවෙනි කතාවට ගොඩක් දුරට සමානයි. මේකෙත් එක්තරා උසස් පාසලක විශේෂිත පංතියක් තියනවා. ලමයින් ඉස්කොලේම දවස් කිහිපයක් ඉන්න බලාපොරොත්තු වෙලා තමයි පංතියට සහභාගි වෙන්නේ. මේ ලමයි ටික රෑ නිදා ගෙන ඉද්දි එක පාරටම ඉස්කොලේ ස්පීකරයෙන් මොකක්දෝ සද්දයක් ඇහෙනවා. ඒගොල්ලො ඇහැරිලා බලද්දී ඒගොල්ලන්ගේ ඉස්සරහ බිත්තියේ,
”අහිංසක මවක් මරා දැමූ විට, මොන පුතාද ඇගේ මරණයට පළිගන්නේ නැත්තේ?”
කියලා ලියලා තියෙනවා ඒ අය දකිනවා. මොකක්ද මේ වෙන්නේ? ඒගොල්ලන්ට මොකක් හරි භයානක දෙයකට මුහුණ දෙන්න වේවිද? ෆිල්ම් එක බලන්නම වෙනවා ඒ ගැන දැන ගන්න.