කතාව ගැන කිව්වොත් එහෙම ඩිලන් එහෙම නැත්නම් ඩි අපරාධකරුවෙක් විදියට ඉන්න නිසා නිවාස අඩස්සියේ තියලායි තියෙන්නේ.. ඩි ගේ අයියා තමයි ෂොන්.. ෂොන් නිතරම ඩි ව හමුවෙන්න ආවේ නැතත් ලියුම් ලියනවා. දවසක් ඩි ට ලියමනක් ලැබෙනවා එයාගේ අයියා ෂොන් හදිසි අනතුරකින් නැති වෙලා කියලා.. එයාගේ මල ගෙදර තියෙන්නේ ෂොන්ට හිමි පෞද්ගලික දුපතක කියලා. ඩිලන් මේ ආරංචිය අහපු නිසා තමන්ගේ නිවාස අඩස්සියේ ඉන්න එක කඩ කරලා හොරෙන්ම යනවා මේ දුපතට. ඩිලන් ආවාට එයාලාගේම පවුලේ අය නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.. කොහොම හරි මේ අවමංගල්‍ය සිදුකරන දවසේම රෑ ඒ දුපතට නන්නාදුනන පිරිසක් කඩා වදිනවා. මේ අය මේ දුපතට එන්නේ ඇයි? ඒකට හේතුව දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා