ගන් ක්රීක් කියන්නේ නෙවාඩා ප්රාන්තයේ තියෙන කුඩා පොලිස් ස්ථානයක්. දවසක් පැමිණිල්ලකට අනුව කැසිනෝ එකක් ගාව ආරවුලක් විසඳන්න යන නිළධාරිනියකට එතන ඉන්න කෙනෙක් පහර දීම නිසා මේ පුද්ගලයව අත්අඩංගුවට ගන්නවා. එදා රෑම බීපු මිනිහෙක් පොලිස් වාහනයක් අනතුරකට පත් කිරීම නිසා ඔහුවත් අත්අඩංගුවට ගන්නවා. බැලූ බැල්මට මේ අහඹු සිද්ධීන් දෙකක් කියලා පෙනුනත් මේ දෙකේ භයානක සම්බන්ධයක් තියෙනවා. මේ ගැන සැක කරන පොලීසියේ රාත්රී මුර සේවයේ ඉන්න වැලරි කියන නිළධාරිනිය මේ පුද්ගලයන් දෙන්නා ගැන තොරතුරු හොයනවා. එක පුද්ගලයෙක් කුප්රකට කුලී ඝාතකයෙක් බවත් අනෙක් පුද්ගලයා නම ගිය වංචනිකයෙකු බවත් ඇය අනාවරනය කර ගන්නවා. මේ අතර හදිසියේම මහ රෑ පොලීසියට එන බිහිසුණු අමුත්තෙක් නිසා මේ පොලිස් ස්ථානයේ ඉන්න හැමෝගෙම ජීවිත වෙනස් වෙනවා.