” බ්ර්ඩ්වෙල් මහත්තෙයා,මෙයා කොච්චරක් විතර ලොකු වෙනව ද?”
“හොදයි,ඒක තීරණය වෙන්නෙ
දෙයක් මත නේද?”
“මොකක් මතද?”
“ඔයා එයාට දක්වන ආදරේ මත”
* * *
“ක්ලිෆඩ්… ඔයා කොහොමද එක රැයෙන් මෙච්චර ලොකු වුනේ?… මම ප්‍රාර්ථනා කරා තමා ඔයා ලොකු වෙන්න කියලා.. එත් මෙච්චර නෙවෙයි.. සාමාන්‍ය ගානට!” එමලි කියල කියන්නෙ ටිකක් අමුතු විදියෙ ගැහැණු ළමයෙක්. ඉතිං එයාට එයාගෙ ඉස්කෝලෙ ළමයි හැමෝම වගේ විහිලු කරනවා. කොටින් ම කිව්වොත් එයාට හරි හමං යාලුවෙක් වත් නැහැ. කොහොම හරි ඉතිං අපේ මේ පුංචි එමලිගෙ ජීවිතේට දවසක් අමුතු සගයෙක් එක් වෙනවා. එයත් ටිකක්.. ටිකක් නෙවෙයි ගොඩක් අමුතු සගයෙක්. ඉතිං එයාගෙ ඒ අමුතු කම මොකද්ද කියල උඩ තියෙන පිංතූරෙ දැක්කම පේනව ඇතිනේ. ඉතිං ඒ අමුතු කම නිසා එයාගෙන් ආර්ථික ප්‍රයෝජන ගන්න කෙනෙක් එයාව ලුහු බදිනවා. ඉතිං,ඒකෙන් අපේ මේ සගෙයව බේරගන්න පුංචි එමලි ගන්න උත්සහයක් තමා චිත්‍රපට පුරාවට තියෙන්නෙ.