කතාව පටන් ගන්නෙ කැලයක් මැද ජෝන් නම් පොලිස් නිළධාරියාට යම් කිසි අත්භූත බලවේගයක් විසින් පහරදීමකින්. පසුම එය දකින පුද්ගලයකු පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කරන්න පටන් ගන්නව. ජෝන් නම් නිළධාරියා කුරිරු ලෙස හිස කදින් වෙන වන ආකාරයට ඝාතනය කරල තියෙන්නෙ. මෙම මරණය ගැන පරීක්ෂණ කරන්න පැමිණෙන්නේ නාහෙට අහන්නෙ නැති ටිකක් තද නිළධාරියෙක්. කැළේ අවට පරීක්ෂා කිරීමෙන් ඔහු එහි තිබෙන නිවසක් දකිනවා. කණ්ඩායමක් එක්ක එහෙට ගිහින් එහි නිදාගෙන සිටින අකිරා නම් කාන්තාව පොලිස් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කළත් කිසිදු හෝඩුවාවක් හොයාගන්න හම්බවෙන්නෙ නෑ.. ඔය අතරෙම තවත් ඝාතනයක් සිද්දවෙනව. ඒ රම්‍යා නම් ගැහැණු ළමයෙක්ව අත්භූත අන්දමින් තම නිවස තුළදීම කුරිරු අයුරින් පිට කොදු ඇට පෙළට දැඩි හානි සහිතව ඝාතනය කරල තියෙන්නෙ.. ඇත්තටම මොකද්ද වෙන්නෙ ? එතකොට මේකට අකිරාගෙ සම්බන්ධයක් නැද්ද ? එයාව අත් අඩංගුවට ගැනීමෙන් පළක් වී තිබේද ?