#’මේ’ තමයි මගේ පෙම්වතිය…
හිටපු.
අපි වෙන් වෙලා පොඩි කාලයයි.
මේ ගොඩක් ආසයි අන්නාසි වලට.
එයාව මට අමතක කරන්න බෑ. එයාව මතක් වෙන්න තමයි මං දවස ගානෙ අන්නාසි ටින් එකක් ගන්නෙ. මං ගන්නෙ කල් ඉකුත් වන දිනය “මැයි පලවෙනිදා” විදිහට සදහන් වෙන ඒව විතරයි. ඒ “මේ” කියන්නේ “මැයි” වලට නිසා වත්, මැයි පලවෙනිදා මගෙ උපන්දිනය හින්ද වත් නෙමෙයි. මැයි පලවෙනිදට අපි වෙන් වෙලා හරියට මාසයක් වෙනවා. මං අප්‍රේල් මාසෙ පුරාම අන්නාසි ටින් ගත්තා. “මැයි පලවෙනිදා විදිහට කල් ඉකුත් වන දිනය” තියන තිස් වෙනි කෑන් එකත් ගන්න මොහොත වෙද්දිත්, මේ ගෙ හිත වෙනස් වෙලා නැත්තං අන්නාසි ටින් ටික වගේම අපේ ආදරෙත් කල් ඉකුත් වෙනවා#
එකිනෙකට වෙනස් ආදර කතා දෙකක්… එකිනෙකට අහඹු හමුවීම් දෙකක්…
ආදරෙන් පැරදිලා, සේරම එපා වෙලා ඉන්න තරුණ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට දෙවිධියකට හමුවන යුවතියන් දෙපළක්…
මේ ආදර විරහ කතා, හිමිවීම් අහිමිවීම් මැද නොදන්නවුන් මුණ ගස්වන අපූරු අවන්හලක්…
උදේ දවල් රෑ වෙනසක් නැතුව මේ පොඩි අවන්හල වටා ගෙතුණු සුන්දර, ආදරණීය, හුරතල් කතාව… චංකිං එක්ස්ප්‍රස්.
The Grandmaster, In the mood for love, 2046, Fallen Angels, Happy Together වගේ විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණ ලොවට එක් කල අපූරූ හොංකොං ජාතික අධ්‍යක්ෂකවරයෙක් වන “වොං කර්-වයි” ගෙ තවත් ලස්සනම ලස්සන වැඩක් තමයි 1994 ඔහු ලොවට දායාද කළ චංකිං එක්ස්ප්‍රස්. හොංකොං වල සැබෑවටම පවතින අවන්හලක් සහ එය පිහිටලා තියන කාර්යබහුල හොංකොං නගරයත්, ඒ නගරයේ දෛනික ව එහා මෙහා යන ලක්ෂ ගානක මිනිස්සු අතරේ හැංගුන ලස්සන ආදර කතා දෙකකුත් එකිනෙක සම්බන්ධ වෙන, මාරම විදිහට හිතට දැනුන ෆිලුමක් තමයි මේ