කතාව පැත්තට පොඩ්ඩක් බහිමු එහෙනම් ඉන්දියාවේ චන්දිගඩ් වල ඉන්න කායවර්ධකයෙකුගේ ජීවිතය වටා ගෙතෙන මේ කතාවේ එයාගේ අදිශ්ඨානය වෙන්නේ G.O.A.T තරඟය දිනන එක.මෙයා පිට පිටම පරාද වෙන නිසා ජිම් එකට එන ගනදෙනු කාරයෝ අඩු වෙනවා. ඒක නිසා මේ ජිම් එක පවත්වාගෙන යන්න සහයෝගය දෙන එයාගේ යාලුවෝ දෙන්නාට පුලුවන් කමක් ලැබෙනවා මේ ජිම් එකේ පොඩි ඉඩක් අමතර ආදායමක් විදිහට සුම්බා පන්තියක් කරන ගුරුවරියකට ලබාදෙන්න. පස්සේ මේ කායවර්දන ශිල්පියාට තරුන සුම්බා ගුරුවරිය ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් මේ දෙන්නා යාලු වෙලා ඊට පස්සේ ඇති වෙන ප්රශ්නය මේ කතාවේ ප්රධාන මාතෘකාව වෙනවා. ඉතින් ආරාධනා කරනවා නරඹන්න
