කතාව පැත්තට ආවොත් මේකෙදි හුඟක් අවදානය දීලා තියෙන්නේ කාන්තා චරිතවලට. කැට්වුමන් aka. සෙලීනා කයිල් බ්ලැක් මාස්ක්ගෙන් ඉතාමත් වටිනා මැණිකක් හොරකම් කරනවා. කොහොම හරි වැඩේ ගැස්සිලා කැට්වුමන්ගෙ සැලසුම් අසාර්ථක වෙනවා. බ්ලැක් මාස්ක්ගෙන් පැනගත්තත් බැට්වුමන් සෙලීනව අල්ල ගන්නව වගේම අර මැණිකත් අහිමි වෙනවා.
ඉතිං පොලීසියයි බැට්වුමනුයි මේ පාර සෙලීනට පොඩි පගාවක් වගේ දීලා අර මැණික එක්කම බ්ලැක් මාස්ක්ව අල්ල ගන්න උදවු ඉල්ලනවා. සෙලීනත් ගැලවෙන්න ක්රමයක් නැති නිසාම ප්ලෑන් එකට කැමති වෙනවා. පේන විදිහට සෙලීනට මොකක් හෝ යටි අරමුණකුත් තියෙනව වගේ. ඉතිං බ්ලැක් මාස්ක් අහුවෙයිද? පොරට ඇයි මේ මැණික මෙච්චර ඕනේ? සෙලීනගෙ අරමුණ මොකද්ද? මේ ටික දැනගැනීම ඔයාලට භාර කරනවා.