ඉතින් මෙයාලට අලුත් මෙහෙයුමක් භාර වෙනවා. ඒ තමයි ලෝකය අල්ලගන්න බලාපොරොත්තුවෙන් සුපිරි පන්නයේ ආයුධ නිපදවන්න උත්සාහ කරන්න දුෂ්ටයෙක්ව නවත්තන්න. ඒ තමයි ඇල්ෆා ඩෝග් කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩැනියෙල් හෝතෝර්න්. මෙයාට ආයුධ නිපදවන්න වෙනම පිස්සු ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා. ඉතින් ලෝකය අල්ලගන්න හදන මේ සුපිරි දුෂ්ටයෝ ඉන්නේ වුල්ෆ්හවුන්ඩ් කියල වෙනම දූපතක. ඇල්ෆා ඩෝග්ට මේ ලෝකය අල්ලගන්න හීනයට හවුල් වුන තව පිරිසකුත් ඉන්නවා. ඔයාලට චිත්රපටය අතරතුර එයාලව බලාගන්න පුළුවන්. ඉතිං මේ අයව නවත්තන්න ඒජන්ට් සෑම් මෙහෙයුමට යනව.
හෝව් හෝව්…. ඔය කතාව ගැන කිව්ව හොඳටෝම ඇති. මේ ඔක්කොම දේවල් හරියටම බලාගන්න ඔයාලට චිත්රපටය බලන්න කියලා ආරාධානා කරලා මං මෙතනින් නවතිනවා