ඇනා සහ ඊශෝ. මේ දෙන්නගේ අම්මලා තාත්තලා හොඳම යහලුවෝ. ඊශෝගේ අම්මා අන්නා ගේ තාත්තා ජෝන් ගේ පරන ලව් එක කිව්වත් හරි. (ඒ කතාවත් චිත්‍රපටිය අතරේ බලාගන්න පුලුවන්.) ඉතින් මේ පවුල් දෙක ඔවුන්ගේ යහලුවෙකුගේ විවාහ මංගලෝත්සවයකදී මුන ගැහෙනවා. ඉතින් මේ උත්සවය අතරෙදි ඇනාගේ තාත්තා, කුරියන් සහ ඊශෝ අතරේ නොයෙක් ඇනුම් බැනුම් ඇති වෙනවා. ඒ ඔවුන් දෙදෙනාම දැන්වීම් ක්ශේත්‍රයේ නිරත වන්නන් නිසාවෙන්. ඉතින් කොහොම හරි කුරියන් ඊශෝ ගැන බොහොම අකමැත්තෙන් තමයි ඉන්නේ. ඒ වගේම ඊශෝ සහ ඇනා දෙන්නත්. ඒ උනත් මේ දෙන්නම වැඩකරන්නේ බැංගලොරයේ නිසා ඊශෝගේ තාත්තා බලෙන්ම ඔවුන්ගේ දුරකතන අංක හුවමාරු කරනවා.
විවාහ උත්සවය අවසන් වෙලා ගෙදර යන අතරේ, ඊශෝගේ අම්මා ඊශෝට ඇනාව යෝජනා කරනවා. ඒත් ජෝන් සහ ඊශෝ ඒකට අකමැති වෙනවා. ඒ වගේම අනිත් පවුලේ, ඇනාගේ පවුලේ… ඇනාගේ අම්මා ඇනාට ඊශෝව යෝජනා කලත්, ඇනා සහ කුරියන් එයට අකමැති වෙනවා. කොහොමහරි එදා රාත්‍රියේම ඇනා සහ ඊශෝ ඔවුන්ගේ රැකියා සඳහා බැංගලෝරය බලා පිටත් වෙනවා.
පහුවදා උදේ, ඊශෝ බෝඩිමේ ඇඳ උඩ ඇහැරෙනකොට….
එතනින් එහාට මොකද වුනේ කියලා කතාව බලලම දැනගමු.