මේ චිත්රපටය ගැන හැමෝම කතාබහ කරන්න ගත්තෙ නම්. විශේෂයෙන්ම අපේ ලංකාව තුළත් දැඩි කතාබහකට ලක්වෙන්නේ මේකේ තියෙන අමු ගතිය නිසා. කිසිම දර්ශනයක් ෆිල්ටර් කරලා නම් නෙමේ අමු අමුවේම පෙන්නන්න මේ බිරියානි කියන මලයාලම පියවර අරන් තියෙනවා. වැඩිහිටි ලිංගික දර්ශන විතරක්ම නෙමේ, බලන්න අසීරු වෙනත් දර්ශන පවා මේකේ අන්තර්ගතයි. ඉතින් මේ හින්දම සමහරු මේක බලන එක අතරමග නැවැත්තුව කියලත් ආරංචියි. කොහොමින් කොහොම හරි කියන්න තියෙන්නේ මලයාලමක් වුණු පලියටම මේක අරන් ගිහින් පවුලේ අය ඉස්සරහ නරඹන්න නම් ලෑස්ති වෙන්න එපා. ගෙදරින් එලියට බහින්නයි වෙන්නේ. 18+ ඈයෝ තනිපංගලමේ බලන එක ඇඟට ගුණයි.