මේ වසරේ 2021 ජනවාරි මස 14 වන දින නිකුත්වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය Lakshman නම්වු දමිළ සිනමාපට අධ්‍යක්ෂකවරයා අතින් සිදුව තිබෙනවා ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කල සිනමාපටයන් අතර Romeo Juliet 2015 සහ Bogan 2017 යන සිනමාපටයන්ද වනවා. මෙහි ප්‍රධාන චරිතය දමිළ සුපිරි නළු Jayam Ravi විසින් හොබවන අතර අනෙකුත් සෙසු චරිතයන් දමිළ සිනමාවේ අප නිතර දකිනා නළු නිලියන් කිහිපදෙනෙකු විසින් හොබවනවා.ඒ වගේම මෙහි සංගීතය ප්‍රවීන දමිළ සිනමා සංගීත අධ්‍යක්ෂක D. Imman විසින් සිදුකර තිබෙනවා. චිත්‍රපටයෙන් ලබාදෙන ප්‍රභල සමාජ පණිවිඩය නිසාවෙන් මෙයට සමාඟාමිව සිනමාහල් තුල තිරගතවන චිත්‍රපට හා සංසන්දනය කර බලන විටදි මේ චිත්‍රපටය සඳහාත් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර මෙන්ම විචාරකයින්ගේද මිශ්‍ර ප්රතිචාරයන් අන්තර්ජාලයේ ඇති සමාජජාලා මාධ්‍යන්හි දැකගන්නට පුලුවන්!
Bhoomi (2021) Sinhala Subtitles | අඟහරු යාමට පෙර පෘතුවිය [සිංහල උපසිරසි]