සර්හද් භීම්ලා නායක් ස්රීසෛලම් ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්. දවසක් රෑ සෝදිසි මෙහෙයුමක ඉන්න පොලිස් නිලධාරීන් කලබලයක් පාලනය කරන්න නායක්ට එතැනට එන්න කියනවා. එතැන ඩැනී කියන පුද්ගලයා පොලිස් නිලධාරීන්ට දිගටම පහර දෙමින් හිටියා. නායක් ඩැනීව තමන්ගෙ පාලනයට අරගෙන අත්අඩංගුවට ගන්නවා. කොහොම වුණත් පහුවෙද්දි දැනගන්නේ ඩැනීට ඉහල ස්ථානවල ඉන්න අයගෙ සම්බන්ධතා තියෙනවා කියලා. නායක් ඩැනීට කිසිම විශේෂ සැලැකිල්ලක් දක්වන්න කැමති වුණේ නැහැ. ඒත් නායක්ගෙ ජ්‍යෙෂ්ඨ නිලධාරියගෙ කීමට ඩැනීට සැලැකිලි දක්වන්න වෙනවා. නායක් ඩැනීට පහසුකම් සලසලා දෙනවා. ඒත් ඩැනීට පොලිස් නිලධාරීන් තමන්ට කරපු අවමානය ගැන හිතේ තිබුණා. නායක් එක්ක කීප විටක්ම ඩැනී ආරවුලට ආවත් නායක් දෙවෙනි වුණේ නැහැ. කාකි ඇඳුම ඇඳගෙන හිටියට නායක් ඩැනීට වඩා ලොකු දාමරිකයෙක් වුණා. ඩැනී සති දෙකකට බන්ධනාගාරගත වෙනවා. ඩැනී නිදහස් වුණ දවසේ නායක්ගෙ රස්සාව නැතිවෙන විදිහෙ දෙයක් එලියට පිට කරනවා. ඒකෙන් නායක් අවංකව සේවය කරපු පොලිස් රැකියාව අවදානම වැටෙනවා.
